මම පාවිච්චි කරන Live With Walkman (Wt19i) ෆෝන් එකේ බැටරි Performance ගන්න දෙයක් නැති නිසා මම විකල්පයක් හෙව්වා. එතකොට තමයි මේ පට්ට රොම හම්බුණේ.. දාලා දවසයි.. හරිම සතුටුයි. මම දැම්මෙ Zelly Cream v 5.0 . මේ රොම් එක 2011 Xperia ෆෝන්ස් වලට සපෝට් කරනවා..
දැන් ඔයාල බලාවි මේකෙ තියෙන වාසි මොනවද කියලා. එහෙනම් බලමු.
* බැටරි ලයිෆ් එක සුපිරියි. (ඔය ස්ක්‍රීන්ශොට් එක නම් මගේ නෙවෙයි. හැබැයි බැටරි එළ නේ?
* පට්ට ස්පීඩ්. මගේ නම් කිසිම වෙලාවක හිරවුණේ නෑ. Gaming and Multitasking වලට සුපිරි රොම මේක.
* Xperia Z එකේ ලුක් එක තියෙන්නෙ. GUI එක කොලිටියි.
* තව වාසි ගොඩයි..
දැන් පින්තූර ටිකක් බලලා ඉමු නේ??
රොම් එක දානවනම් ඉස්සරහට යන්න.. උපදෙස් හරියටම පිළිපදින්න.
මුළින්ම කියන්න ඕනෙ මේකෙ සම්පූර්ණ වගකීම තියෙන්නෙ ඔයා අතේ. ෆෝන් එක බ්‍රික් කරගත්තොත් මම වගකියන්නෙ නම් නෑ. පුළුවන් උදව්වක් විතරක් කරන්නම්. ඒ නිසා පරිස්සමෙන්..
හරි දැන් වැඩේ පටන්ගමු.
අවශ්‍ය දේවල්
* ICS .587 firmware තියෙන 2011 Xperia Series Phone එකක්. ( මේක බලාගන්න Settings වල About Phone එකේ Build Number එක බලන්න. 4.1.B.0.587 වගේ අගට 587 තියෙනවා නම් හරි. නැත්නම් ෆොන් එක Update කරන්න. ;) )
* CWM Installed
* Bootloader Unlocked (Bootloader ගැන දැනගන්න.)
* 50% වත් බැටරි ලෙවල් එකක්.. බැටරි අඩුවෙන් තියාගෙන කරන්න යන්න නම් එපා මේ කිසිදෙයක්..
හරි. දැන් මට බනින්නෙපා තේරුණේ නැත්නම්. හැම එකම පැහැදිළි කරන්න ඕනෙ තැනක නම් ඉන්නෙ මේක කරන එක භයානකයි. ඒකයි. පොඩ්ඩක් Google කරලා බලන්න.
හරි දැන් ICS .587 Stock Rom එකේ නම් ඉන්නෙ ගොඩාක් දුරට Stock Kernel එක තමයි ඇත්තෙ. ඒත් මේ රොම් එක Stock Kernel එකට වැඩ කරන්නෙ නෑ. මේකට Lupus v2 kernel එකක් හරි Mesa kernel එකක් හරි ගහන එක තමයි වඩාත් සුදුසු. මම යෝජනා කරන්නෙ Mesa Hybrid v 4.8 එක. මම ලින්ක් එක පහළින් දාන්නම්. ෆෝන් එකට අදාළ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. අදාළ ෆෝන් එක නැත්නම් පොඩ්ඩක් Google කරලා බලන්න කියලා යෝජනා කරනවා..
Click Here (XDA Developer Page)
හරි දැන් තියෙන්නෙ ඒක Flash කරගන්න එක. මේකට අදාළ .img ෆයිල් එක Fastboot මගින් Flash කරගන්න. මේක කරන්න දන්නෙ නැත්නම් ඔයාගෙ ෆෝන් එකේ නමත් එක්ක Flashing a kernal with flashtool කියලා ගහලා බලන්න. ඕන තරම් Tutorials ඇති.
උදා - Flashing a kernal with flashtool live with walkman
හරි ඒක ඉවර නම් දැන් Sony Logo එක වෙනස් වෙලා එනවා ඇති. ඒ කියන්නෙ kernel එකේ වැඩේ හරි. දැන් තියෙන්නෙ රොම් එක ගහන එක තමයි. ඩවුන්ලෝඩ් කරන් ඉමු. ඕකෙ ඇඩ්ස්වලට ඩවුල්ලෝඩ් බට්න්ස් ගොඩක් ඇති. මැද තියෙන කළු කොටු හැඩේ එක ඔබන්න.
Click Here (XDA Developer Page) 303mb
හරි දැන් තියෙන්නෙ රොම දාගන්න. ඩවුන්ලෝඩ් කරගත්ත එක මෙමරි කාඩ් එකට දාගෙන ෆෝන් එක ඕෆ් කරලා ආපහු ඔන් කරන්න. ඔන් වෙනකොට CWM එකට යන්න Volume Down කී එක දිගටම ප්‍රෙස් කරන්න. දැන් මේ දේවල් පිළිවෙලට කරන්න.
* තියෙන රොම් එකේ බැකප් එකක් ගන්න. Backup and Restore වලින් ෆුල් බැකප් එකක් දාගත්ත නම් හරි.
* Factory/Data Reset
* Wipe Cache
* Advanced - Wipe Dalvik Cache
* Mount and storage - Format System
* Mount and storage - Format Data
* Mount and storage - Format Cache
මේ ටික ඉවර වුණාට පස්සෙ Install Zip File from SD Card දෙන්න. දැන් කළින් කොපි කරගත්ත ෆයිල් එක සිලෙක්ට් කරන්න. GUI එකක් එක්ක Installer එකක් ඒවි. ඒකෙන් ඔයාට අවශ්‍ය විදිහට Customize කරගෙන Install කරගන්න.
පළවෙනි වතාවට බූට් වෙනකොට ටිකක් වෙලා යාවි. මුළ් බූට් එකේදී විනාඩි 10 ක් විතර තියෙන්න ඇරලා Restart කරලා එහෙම Performance බලන්නකෝ..
එහෙනම් දොරා ගියා. අවුලක් වුණොත් කන්ටැක්ට් කරන්න ආ..
No comments:
Post a Comment