Wednesday, January 29, 2014

පිච්චුණු හාඩ් ඩිස්ක් එක ගොඩදාගන්න


Hard Disk Regenerator
කාලයක් පාවිච්චි කරනකොට ගොඩාක් වෙලාවට හාඩ් ඩිස්ක්, පෙන් ඩ්‍රයිව්ස් ලෙඩ දෙන්න ගන්නවා නේද යාළුවනේ. ඔයාල දන්නවා ඇති මේ සමහර ලෙඩවලට හේතුව Bad Sectors කියලා. අපේ ෆයිල්ස්වල කොටස් නැතිවෙන්නෙ මෙහෙම වුණාම තමයි. මෙන්න මේ ලෙඩේ ගොඩදාගන්න තමයි අද දොරා සොෆ්ට්වෙයා කෑල්ලක් ගෙනාවෙ. මේකෙන් දොරා Bios එකෙන් Recognize කරන, Windows වල පෙන්නන්නෙ නැති හාඩ් එකක් Repair කරා ඈ.

මතක තියාගන්න Bad Sectors කිහිපයක් ආවම ඉතාම වේගයෙන් තව තව Bad Sectors ඇතිවෙන බව. ඒ නිසා පුළුවන් නම් මේ සොෆ්ට්වෙයා එකෙන් තමන්ගෙ හාඩ් එක ලෙඩ නොදුන්නත් චෙක් කරලා බැලුවට කමක් නෑ. මෙගාබයිට් 6යි වෙන්නෙ. Crack එකත් එක්කම. ඔන්න එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්න.


දොරා එකපාරක් ඒ ලෙවල් ඇනගෙන දැන් දෙවෙනිපාර කරන නිසා ගොඩක් විස්තර ඇතුව කියන්න අමාරුයි යාළුවනේ. ඔයාලා මට සමාව දේවි කියල මම හිතනවා. :D ඔයාලම මේක ටෙස්ට් කරලා බලන්න.

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King