මම හිතුවා ෆෝන් එකේ වැඩ ගැන හැමෝම කතාකරන නිසා Service Providers ලා ගැනත් ටිකක් කියන්න. ඉතින් මම මුළින්ම තෝරගත්තෙ Dialog තමයි. මොකද එයාල තමයි ඔක්කොටම වඩා Professional විදිහට වැඩේ කරන්නෙ. ඒ කිව්වෙ Customer Service හොඳම, Network එකේ errors අඩුම එක. ඉතින් අපි දැන් බලමු හැමෝටම වැදගත් වෙන, ගොඩාක් අය නොදන්න දේවල්..
අපි මුළින්ම බලමු කට්ටියට අවශ්‍ය මූළිකම දේවල්..
1. Recharge කරගන්න.
- 123 dial කරලා බීප් ටෝන් එකෙන් පස්සේ Top-Up කාඩ් එකේ pin එක ගහන්න පුළුවන්.
- 222 එක්කම Top-up card එකේ pin එක ගහලා dial කරන්න පුළුවන්.. ( උදා - pin එක 123456 නම්, 222123456 ගහලා dial කරන්න)
- Reload පහසුකම තියෙන තැනකින් කෙළින්ම Account එක Reload කරගන්න පුළුවන්.
2. Account Balance එක බලන්න.
- 456 dial කරලා පටිගතකිරීමට සවන්දීම
- *#456# dial කිරීම
3. ණයක් ගන්න.
මුළින් රෙජිස්ටර් වෙලා ඉන්න ඕනෙ. ඒකට Dialog සිම් එක අරන් මාස 6ක්වත් වෙන්න ඕනෙ. රු. 40ක් ලැබෙනවා. ආපසු මුදල් බැරකිරීමේදී රු.2+ටැක්ස් කපාගන්නවා.
මේකට #356# dial කරාම එන Menu එකෙන් උපදෙස් පිළිපැද්දම හරි.
4. තවත් Dialog දුරකථනයකට මුදල් යවන්න.
මේකත් #356# dial කරාම එන Menu එකෙන් උපදෙස් පිළිපදින්න.
5. Call Me SMS (මුදල් නැති අවස්ථාවක තවත් දුරකථනයකට තමාට ඇමතුමක් ලබාගන්න ලෙස දැනුම්දීම)
මේකට #356*නම්බර් එක# dial කරාම හරි. උදා - දන්වන්න ඕනෙ දුරකථනය 0777123456 නම් #356*0777123456# dial කරන්න.
6. Budget SMS ( Dialog දුරකථනවලට රු 0.12ක මුදලකට SMS යවන්න)
මේ සඳහා අකුරු 100ට අඩු මැසේජ් එකක් Type කර යැවිය යුතු නම්බරේට ඉදිරියෙන් 1 යොදා යවන්න. එවිට ලැබෙන පුද්ගලයාට එම මැසේජ් එක සමඟ වෙළඳ දැන්වීමකුත් යන බව මම දැනුම්දිය යුතුයි. උදා - යවන්න ඕනෙ නම්බර් එක 0777123456 නම් මැසේජ් එක Type කර 10777123456 ට යවන්න.
7. SMS Block
නම්බර් 20ක් දක්වා බ්ලොක් කිරීමට හැකියාව ඇත. මාසික ගාස්තුවක් නොමැති අතර සාමාන්‍ය SMS ගාස්තු අයවේ. පහත සඳහන් කේත Type කර තමාගේම දුරකථනයට SMS කිරීම කළයුතු වේ. උදා - 0777123456 යන දුරකථනය ඔබට බ්ලොක් කිරිය යුතු නම්, ඔබේ නම්බරය 0777654321 නම් ඔබ Block [හිස්තැනක්] 0777123456 ලෙස Type කර 0777654321 ට Send කළ යුතු වේ.
බ්ලොක් කිරීමට - Block[හිස්තැනක්]නම්බරය
බ්ලොක් කරන ලද ලැයිස්තුව බැලීමට - View Block
යම් එක් නම්බරයක් ලැයිස්තුවෙන් ඉවත්කිරීමට - Del[හිස්තැනක්]Block[හිස්තැනක්]නම්බරය
සියලු නම්බර් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට - Del Block
8. SMS Divert - තමාගේ Dialog දුරකථනයට එන SMS වෙනත් නම්බරයකට හැරවීම
මේ සඳහා Div[හිස්තැනක්]නම්බරය ලෙස කර තමාගේම නම්බරයට SMS කළ යුතු වේ.
මෙය ඉවත්කිරීමට Div Del ලෙස Type කර තමාගේම නම්බරයටම SMS කළයුතු වේ..
තවත් කේත
ACTION | SMS COMMAND | SEND TO |
Check divert status | DIV STATUS | Your Own Number |
Turn delivery reports on/off | DIV REPORT ON / DIV REPORT OFF | |
Turn prefix on/off | DIV PREFIX ON / DIV PREFIX OFF | |
Help | DIV |
දැන් බලමු අන්තර්ජාල පහසුකම් ගැන..
මෙමගින් ඔබට Dialog දුරකථනයෙන් Google Search පහසුකම නොමිළේ අත්විඳිය හැක. මේ සඳහා Google Account එකක් තිබීම අනිවාර්ය වේ. මෙම පහසුකම ජංගම දුරකථනවලින් පමණක් ලබාගත හැක. ඒ සඳහා freezone.dialog.lk වෙත යන්න.
අන්තර්ජාල පැකේජ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට මෙහි යන්න. CLICK HERE
මම දොරලොක් හෝන්ස්. මගේ සයිට් එක LankaTech.info ටත් ඇවිත් බලන්න. තව තව දේවල් ගොඩාක් දැනගන්න.
9. Internet and MMS Settings ගෙන්වා ගැනීම
- මෙම ලින්ක් එකෙන් ගොස් නම්බරය ඇතුළු කර විගස Settings එනු ඇත. නැතිනම් ඊළඟ පියවර අනුගමනය කරන්න. CLICK HERE
- #107# dial කර එන මෙනු එකෙන් Messaging & Settingsට අදාළ අංකය යොදා OK දෙන්න. ඊට පසු Settingsට අදාළ අංකය යොදා OK කරන්න. එයින් All Settings යන්නට අදාළ අංකය යොදා OK දෙන්න. දැන් Settings දුරකථනයට එනු ඇත. නැතිනම් ඊළඟ පියවර අනුගමනය කරන්න.
- එයද ක්‍රියාත්මක වන්නේ නැත්නම් Dialog Hotline එකට අමතා ඔවුන්ගේ පාරිභෝගික සේවය අමතා උපදෙස් ඉල්ලන්න.
- නැතිනම් Dialog Arcade එකක් වෙත ගොස් Settings සාදාගන්න.
- අවසාන වශයෙන්, තමාට තනියම Settings සාදාගැනීමට හැකිනම් Settings වලින් Wireless & Networks වලට ගොස් එහි Mobile Networks හි ඇති Access Point Names වලින් නව APN එකක් සාදා එයට ඊළඟ Link එකෙන් දී ඇති දත්ත නිවැරදිව ඇතුළත් කරන්න. දත්ත ලබාගැනීම සඳහා මෙහි ක්ලික් කරන්න. CLICK HERE
10. Free Zone
මෙමගින් ඔබට Dialog දුරකථනයෙන් Google Search පහසුකම නොමිළේ අත්විඳිය හැක. මේ සඳහා Google Account එකක් තිබීම අනිවාර්ය වේ. මෙම පහසුකම ජංගම දුරකථනවලින් පමණක් ලබාගත හැක. ඒ සඳහා freezone.dialog.lk වෙත යන්න.
11.Internet Packages
අන්තර්ජාල පැකේජ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට මෙහි යන්න. CLICK HERE
මම දොරලොක් හෝන්ස්. මගේ සයිට් එක LankaTech.info ටත් ඇවිත් බලන්න. තව තව දේවල් ගොඩාක් දැනගන්න.
No comments:
Post a Comment