Tuesday, January 21, 2014

Adfly ගැන හරියටම දැනගන්න


Adfly fly

නීත්‍යානුකූලව, වංචාවලට අහුවෙන්නෙ නැතුව විශ්වාසදායක ක්‍රමයකට මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ අද මම අරගෙන ආවෙ. ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලගේ ලින්ක්ස් අනික් කට්ටියට දෙනකොට මේ සයිට් එක හරහා යවන එක විතරයි. එතකොට ඒ කෙනාට ඒ සයිට් එකෙන් තත්පර 5ක Advertisement එකක් පෙන්නනවා. ඊට පස්සෙ අදාළ මුදල් අපේ ගිණුමට බැරකරනවා. මේක කරන්න වෙබ්සයිට් එකක් අවශ්‍ය වෙන්නෙත් නෑ.

ඔයාලා ගොඩාක් දුරට මේ වගේ ඇඩ්ස් දැකලා ඇති. ඔයාට උදාහරණයක් බලාගන්න ඕනෙනම් ඉදිරියෙන් තියෙන ලින්ක් එක මත ක්ලික් කරන්න. ආයෙත් මෙතැනටම ඒවි. Click Here

හරි එහෙනම් අපි මුළ සිට බලමු කොහොමද කරන්නෙ කියලා.

1. ඔයා මේ සයිට් එකේ Register වෙලා නැත්නම් ඉදිරියෙන් තියෙන ලින්ක් එක ක්ලික් කරලා අඩවියට යන්න. Click Here

දැන් මෙහෙම එකක් ඒවි. ඒකෙන් රතු කොටුවෙන් පෙන්නලා තියෙන එක ක්ලික් කරන්න.

Adfly Register

දැන් මෙහෙම එකක් ඒවි. ඒකෙ හිස්තැන් ඔක්කොම පුරවලා මුළින් 1 තියෙන තැන හරි ළකුණ දාලා 2 ක්ලික් කරන්න. (ඇත්ත විස්තරම පුරවන්න නැත්නම් මුදල් ගන්න කරදරයි)
Adfly Register

දැන් ඔයා දුන්නු Email එකට ගිහින් Adfly එකෙන් ආපු Email එක Confirm කරන්න. මේක Inbox එකේනැත්නම් Spam වල බලන්න.

හරි දැන් ඔයා Register වෙලා ඉවරයි. 

2. දැන් අපි බලමු ලින්ක් එකක් කොහොමද මේ සයිට් එක හරහා යවන්නෙ කියලා. උදාහරණයක් විදිහට මම මගේ LankaTech.info සයිට් එකට ගියා කියන්නකො. මම බලනවා මගේ Browser එකේ Address Bar එකේ තියෙන Url එක මොකද්ද කියලා. මගේ එක තමයි 'http://www.lankatech.info/' . මේක 'www.lankatech.info' කියලා ලිව්වත් කිසි ගැටලුවක් නෑ. මම දැන් ඒක කොපි කරගෙන යනවා Adfly එකට.

දැන් උඩින්ම තියෙන කොටුවේ (අංක 1) ඒක පේස්ට් කරලා අංක 2න් පෙන්වන 'Shrink' ක්ලික් කරන්න.
Shrinking

හරි දැන් ඔයාලට රතු කොටුවෙන් පෙන්වනවා වගේ ලින්ක් එකක් ලබාදේවි. ඔන්න ඔය ලින්ක් එක තමයි ඔයාලා කට්ටියට දෙන්න ඕනෙ.
Shrinked

***මේ ලින්ක් එක දෙනකොට මෙන්න මේ දේ කරන්න සැළකිළිමත් වෙන්න. ඔයාලට පේනවනෙ http://adf.ly/cQzpP කියලා ලින්ක් එක ඇවිත් තියෙනවා. ඔය ලින්ක් එකේ http කියන කොටස https කරලා දෙන්න කාටහරි දෙනකොට. කරන්න තියෙන්නෙ s අකුරක් එකතු කරන එක විතරයි නෙ. එතකොට මේ ලින්ක්ස් බ්ලොක් වෙන එක අවම වෙනවා.

3. දැන් ඔයාලා බලනවා ඇති මේවගෙන් මුදල් ලැබෙන්නෙ කොහොමද කියලා. කළින් කිව්වා වගේම මේ දැන් ඔයා හදපු ලින්ක් එකකට කවුරුහරි ආවම මුළින්ම එයාට තත්පර 5ක ඇඩ් එකක් පෙන්වනවා. ඊට පස්සෙ Skip Ad කියන බට්න් එක ආවම ඒක ක්ලික් කරාම ඔයා කෙටි කරපු මුල් ලින්ක් එකට යනවා. ඒවුණාට මේවගෙන් ලැබෙන මුදල් ප්‍රමාණයන් වෙනස්. අපි බලමු කොහොමද කියලා මේවා.

මේ හැම එකකම මුදල් ප්‍රමාණයන් සටහන් කරන්නෙ ක්ලික්ස් 1000කට.

Sri Lanka - 0.50 $
USA - 4.00 $
Canada - 2.50 $
UK - 2.70 $
Australia - 1.80 $

තවත් බලාගන්න ඕනෙ නම් මෙන්න. Click Here ඒවගේම මේ අගයන් ඉහළ පහළ යන බව මතක තියාගන්න.

දැක්කගමන් පේනවනෙ සුද්ද සලකන්නෙ සුද්දට බව. ඒ නිසා සුද්දන්ට ලින්ක්ස් දෙන්න පුළුවන් නම් නියමයි. අපි ඉස්සරහට කතාකරනවා ඒ ගැනත්. මේක අමාරුයි කියලා අතාරින්නෙපා. ඔයා නිදාගෙන හිටියත් සල්ලි එන ක්‍රමයක් තමයි මේ. ආරම්භයේදී දුෂ්කර වුණත් පහුවෙනකොට හරිම ලේසියි.

4. ලින්ක් Share කරන්නෙ කොහොමද?

ඇයි දෙවියනේ ඔය තියෙන්නෙ Facebook, Twitter, Blogger, Google Plus, Youtube වගේ දේවල් ඇති වෙනකල්. ඒවගේම ඔයාට Forums පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක නම් නියමෙට ට්‍රැෆීක් අල්ලන ක්‍රමයක් තමයි. Forums ගැන පොඩ්ඩක් හොයලා බලන්නකො.

තවත් ක්‍රම කිහිපයක් මම දාන්නම්..

අ) අනික් බ්ලොග්ස්/සයිට්ස් වල කමෙන්ට්ස් දාන එක
ආ) Forums වල ගැටලුවලට පිළිතුරු සැපයීමෙන්
ඇ) ඔබගේ වෙබ් අඩවියට/බ්ලොග් එකට Adfly Entry Script එක යෙදීමෙන්

* මේ Entry Script එක ගැන විතරක් කතාකරමු. මෙතැනදි වෙන්නෙ ඔබේ සයිට් එකට හරි බ්ලොග් එකට හරි කෙනෙක් ඇවිත් යම් කාලයක් යනකොට (අපිට මේ කාලය සකස්කරන්න පුළුවන්) එයාට ඇඩ් එකක් පෙන්නලා මුදල් අයකරන එක. 

ඒකට මුළින් Adfly එකට ලොග් වෙලා මුළින් අංක 1(රතු කොටුව) ද ඊළගට අංක 2(රතු කොටුව) ද ක්ලික් කරලා මේ Page එකට එන්න. දැන් අංක 3න් පෙන්වන කෝඩ් එක ඔයාගෙ සයිට් එකට ඇතුල් කරගන්න තමයි තියෙන්නෙ.

Website Entry Script Adfly


5. දැන් ඉතින් හැමෝම බලාගෙන ඉන්න කොටස හෙවත් මුදල් ලබාගැනීම

Adfly එකෙන් මුදල් ලබාදෙන්නෙ 5$ සම්පූර්ණ වුණාම. ඒවගේම මාස්පතා තමයි ගෙවන්නෙ. මාසෙ අන්තිම වෙනකොට ඔයාගෙ 5$ හෝ ඊට වැඩියෙන් පිරිලා නම් කෙළින්ම ඔයාගෙ Paypal හරි Payoneer Account එකට ඉබේම එකතු වෙනවා. මේකට ඔයා ඔයාගෙ Setting වලින් මේ එකවුන්ට් එකක් ඇඩ් කරලා තියෙන්න ඕනෙ. 

එහෙනම් අපි ගියා.

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King