Thursday, January 2, 2014
Google Mapsවලින් ලේසියෙන්ම පාරවල් සොයමු
ඔන්න ඉතින් දොරා ත් ඉඳලා ඉඳලා ට්‍රිප් එකක් ගියයි කියමුකො. ඒකෙදි පාරක් හොයන්න ගිහින් තමයි ඔයාලට මේක කියන්න මතක් වුණේ. අපිට පුළුවනි මේකෙන් ලෝකෙ ඕනෙම තැනක් සොයාගන්න මෙන්ම, තැන් දෙකක් අතර දුර බලන්න, හොඳම මාර්ගය බලන්න, අපේ ප්‍රවාහන විදිහ අනුව හොඳම මාර්ගය හා යන වේලාව බලන්න. එහෙනම් වැඩේට බහිමු.
අපි එහෙනම් මුළින්ම Settings හදාගෙන ඉමු නිවැරදිභාවය වැඩිකරගන්න.
මුළින්ම ඔයාගෙ Settings මෙනු එකට යන්න.
ඒකෙ Location Services වලට යන්න. එහි ඇති Services සියල්ල on කරගන්න.
දැන් Menu එකෙන් Maps App එකට යන්න.
දැන් පහළ පරිදි මාර්ග සළකුණක් ලෙස ඇති Button එක Touch කරන්න.
පාරක් සොයාගන්න උඩ රූප දෙකෙන් පල්ලෙහා තියෙන රූපයේ විදිහට කරන්න පුළුවන්. කරන්න තියෙන්නෙ පටන් ගන්න තැනයි, අවසාන තැනයි දෙන එක. ඒකට ක්‍රම 4ක් තියෙනවා. ලේසිම එක තමයි නම ටයිප් කරන එක. පොඩ්ඩක් ලියනකොටම Suggesstions ඒවි. ඒවගෙන් එකක් සිලෙක්ට් කරන්න. නැත්නම් ඔය Text Boxs වලට දකුණු පැත්තෙන් තියෙන පොඩි ත්‍රිකෝණයක් වගේ එක Touch කරලා අපේ Contactsවල Locations හරි, මැප් එකේ Points හරි, කළින් හිටපු තැන් හරි සිලෙක්ට් කරන්න පුළුවන්. ඒක පහත රූපයෙන් බලාගන්න.
ඔන්න මම පටන්ගන්න තැන 'මම ඒවෙලාවෙ හිටපු තැනයි' , අවසාන තැන 'අම්බලන්ගොඩයි' දුන්නා. දැන් අමතරව ඔයාගෙ Travelling Mode එකත් සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නෙ තමන්ගෙ වාහනයකින් නම් රූප තුනේ ඇති මුල්ම රූපය (කාර් රූපය) ද, බස් එකේ නම් දෙවෙනි රූපයද, පයින් නම් ( ;) ) තුන්වෙනි රූපයත් දෙන්න. දැන් පල්ලෙහායින්ම තියෙන Get Directions දෙන්න.
මට නම් පාර පෙන්නුවේ මෙහෙමලු.
ඕකෙ උඩින් පාරයි, වෙලාවයි වැටෙනවා. ඔය වෙලාව දාල තිබුණට පැය 10-12 ක් ගියා එන්න. මොකද Traffic එක එහෙම බලන්නෙ නෑ ඕකෙන්. එකම වේගෙකින් ඔයපාරදිගේ එන්න පුළුවන් නම් යන වෙලාව තමයි ඔය පෙන්නන්නෙ.
මේ වගේම තමයි පොඩි පාරවල් සොයාගන්නත් හරි පහසුයි මේ ක්‍රමය. මම හිතනවා ඔයාලටත් උදව් වේවි කියලා.
දොරාගෙ සයිට් එකටත් ඇවිත් බලන්න LankaTech.info
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment