Sunday, January 12, 2014

ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් කම්පියුටර් එකේ Run කරන්න


Bluestacks
ඔයාගේ කැමති ඕනෙම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ඔයාගේ පරිගණකය භාවිතයෙන් වැඩකරවන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් තමයි මේ අද දොරා ඔයාලට දෙන්න යන්නේ. ඔයාට Android Device එක නැත්නම් මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා නිසැකයි. එහෙනම් දාගෙනම බලමු.

සොෆ්ට්වෙයා එකේ නම BlueStacks. මේක Freeware එකක් නිසා ඔයාට අවශ්‍ය නම් එයාලගේ සයිට් එකෙන් කෙළින්ම ගන්නත් පුළුවන්. නමුත් මම ගත්ත අලුත්ම සොෆ්ට්වෙයා එකේ Error එකක් එනවා VGA Drivers යාවත්කාලීන කරන්න කියලා. මගේ පරිගණකයේ එහෙම හරිගියාට මම ටෙස්ට් කරපු තව පරිගණකයක එහෙම වුණෙ නෑ. ඒ නිසා හොඳම වැඩේ තමයි පරණ වර්ෂන් එකක් භාවිතය. බයවෙන්නෙපා ඔයාගෙ Performance වලට මුකුත් වෙන්නෙ නෑ. නමුත් ඔයා කැමති නම් මම පල්ලෙහා අලුත් වර්ෂන් එකේ ලින්ක් එකකුත් දානවා.

මෙන්න ඩවුන්ලෝඩ් කරගන්න පරණ වර්ෂන් එක. Click Here (127mb)

අපිට මේ සොෆ්ට්වෙයා එක ඇතුළෙන් ඇප්ස් සර්ච් කරලා කැමති ඒවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන.

ඒවගේම ඕක ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ ඕනෙම .apk ෆයිල් එකක් ඩබල් ක්ලික් කරපු ගමන් මේ සොෆ්ට්වෙයා එක ඇතුළට ඉන්ස්ටෝල් වෙනවා. ඊට පස්සෙ අපිට ඕනෙ වෙලාවක භාවිතා කරන්න පුළුවන්.


අලුත් වර්ෂන් එකට කැමති නම් මෙන්න ලින්ක් එක. Click Here (9mb)
(අලුත් වර්ෂන් එකේ Setup එක 9mb වුණාට Install වෙනකොට තව ෆයිල්ස් ඩවුන්ලෝඩ් වෙලා Install වෙන්නෙ)

දොරාගෙ සයිට් එකටත් ඇවිත් බලන්න LankaTech.info

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King