Tuesday, January 7, 2014
පරිගණයෙන් පිටවන ශබ්දය මගින් හැක් කරයි
ඔන්න විද්‍යාඥයින් අලුත්ම පරීක්ෂණයක් කරලා බලලා. එයාල කරලා තියෙන්නෙ පරිගණකය වැඩකරනකොට C.P.U.(Central Processing Unit) එකෙන් නිකුත්වෙන ශබ්ද මගින් තොරතුරු ලබාගන්න උත්සාහ කරපු එක. වැඩේ සාර්ථකයි. පරිගණකයට ඇතුළු කරන පාස්වර්ඩ් ඔක්කොම ලඟ තියෙන ෆෝන් එකකින් රොකෝඩ් කරපු ශබ්ද තරංගයෙන් ගන්න පුළුවන් ලු.
මේ ශබ්දය එන්නෙ CPU එකට නියත විභව අන්තරයක් සපයන්න උදව් වන විභවපාලයකයේ තියෙන ධාරිත්‍රක හා දඟර මගින්ලු. මේ වගේ ශබ්දයන් පරිගණකයේ අනික් උපාංගයන්ගේ ශබ්දවලින් බොහොම පහසුවෙන් වෙන් කරලා හඳුනගන්න පුළුවන් කියලයි සඳහන් වෙන්නෙ.
මේ ශබ්දයන් හඳුනා ගන්න සාමාන්‍ය ජංගම දුරකථනයක් නම් සෙන්ටිමිටර් 30 ක සීමාවකද, සංවේදී මයික්‍රෆෝනයක් නම් මීටර් 1ක සීමාවක් හා Parabolic Dish එකක් සහිත මයික්‍රෆෝනයක් නම් මීටර් 4ක සීමාවක ඉඳලත් පුළුවන් කියලයි කියන්නෙ.
මේක විද්‍යාඥයන් සොයාගත්තත් දැන් මේක හැකර්ස්ලාට නම් අමිල වස්තුවක් වෙනවා නිසැකයි. ඒ නිසා ඉදිරියට එන පරිගණකවල මේකට කිසියම් හෝ විකල්පයක් ඒවි යැයි අපි බලාපොරොත්තු වෙනවා.
ඔබේ පරිගණකය අසලත් ජංගම දුරකථනයක් තියෙනවද? පරිස්සම් වෙන්න.. ;)
වැඩි විස්තර සඳහා - Click Here
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment