Android නැතත් ඔයාට පරිගණකයෙන් ෆෝන්වලට හා තවත් පරිගණකවලට කෝල්ස්/චැට් කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ.. මම කළින් ඔයාලට කිව්වා ඇතිවෙනකල් මල් කඩන්න වයිබර් දාගන්න හැටි. බලපු නැති අය ඒක බලලා ඉන්න. හරි එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්නෙ කියලා.
මුළින්ම ඔයාලා ඔයාලගේ පරිගණකයට Bluestacks කියන සොෆ්ට්වෙයා එක දාගන්න ඕනෙ. ඒකෙන් කරන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පරිගණකයෙ රන් කරන එක. මම ඒගැනත් ලිව්වා. එහෙනම් බලාගන්න. ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් කම්පියුටර් එකේ Run කරන්න.
ඒ ලිපියට අනුව මුළින්ම Bluestacks Install කරගත්තනම් පහළ ලින්ක්වලින් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගන්න ඒ මත ක්ලික් කරන්න.
1. Viber for Bluestacks (9mb) - මේක ඩවුන්ලෝඩ් කරගෙන Extract කරගන්න
2. Viber for Windows (1.26mb)
හරි එහෙනම් පියවරෙන් පියවර ෆොටෝවලින් පැහැදිළිකරන්න අමාරු නිසා මම වීඩියෝ එකක් හැදුවා. එහෙනම් බලලා කරගන්නකෝ.. ඔහොම පේන්නෙ නැති නිසා FullScreen දාගන්න.
ඔන්න එහෙනම් මම අමතරව මේ සොෆ්ට්වෙයා එකේ ScreenShots ටිකකුත් දානවා. එකක්වත් මගේ නෙවෙයිලු ඕං.. ;)
දොරාගෙ සයිට් එකටත් ඇවිත් බලන්න LankaTech.info
No comments:
Post a Comment