Thursday, January 30, 2014

Wi-Fi වලින් ෆයිල් යවමුද? WiFi File Transfering


Wifi

මම මේ කියන්න යන්නේ Wi-Fi File Transfering ගැනමේක මට වගේම ඔයාලටත් ගොඩාක් ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා. මේක WiFi Direct වගේම තමයි. ඊටත් වඩා ලේසියි කියලා තමයි මට නම් හිතෙන්නෙ.

Wi-Fi කියන්නේ රේඩියෝ තරංග ආධාරයෙන් දත්ත සම්ප්රේෂණ කරන Technology එකක්මේ තාක්ෂණය බොහෝ දෙනා පාවිච්චියට ගන්නේ අන්තර්ජාලයට පිවිසෙන්න වගේම කුඩා ප්රදේශයක ජාලකරණයටත් ප්රයෝජනයට ගන්නවා (WLAN – Wireless Local Area Network).

අපි මෙතැනදි ප්රයෝජනයට ගන්නේ අර කුඩා ප්රදේශයක ජාලකරණය කියන එකසාමාන්යයෙන් මෙහෙම කරනකොට මේ නෙට්වර්ක් එකෙ සර්වර් එකක් හෙවත් අනික් උපකරණ සියල්ල සම්බන්ධ වන එක් උපකරණයක් තියෙනවාඒකම තමයි අපි Wi-Fi Router එකක් ලෙසත් හඳුන්වන්නේමේ තාක්ෂණය දැන් එන ස්මාට්ෆෝන් එක්ක එනවාමේ ක්රමයෙන් අපිට දුරකථනය Wi-Fi Router එකක් ලෙසට භාවිතා කරන්න පුළුවන්මේක හඳුන්වන්නේ Wi-Fi Hotspot ලෙසින්අපි Hotspot එකක් ලෙස පාවිච්චි කරන්න ඕනේ යවන්න ඕනේ File එක තිබෙන දුරකථනයයිඅපි මෙතැනදි කරන්නේ අපේ දුරකථනය Router  එකක් ලෙස හසුරවමින් යවන්න ඕනේ File එකට නෙට්වර්ක් එක තුළ නිශ්චිත නමක් දෙන එකඑතකොට අපේ නෙට්වර්ක් එකට Join වෙන අනෙක් දුරකථනයට එම නම වෙත යොමුවෙලා එම File එක හසුරවන්න පුළුවන්.

මම පැහැදිළි කරන්න උදාහරණයක් ගන්නම්ඔයාලා හොඳටම දන්නවා Internet එක කියන්නේ නෙට්වර්ක් එකක් කියලාඅපි File එකක් Download කරන පිළිවෙත සළකා බලමු (Direct Link හොඳේ.). ඔන්න අපි Browser එකට ගිහින් Address Bar එකේ ටයිප් කරනවා ‘www.abc.lk/def.mp4’ කියලාඑතකොට එහෙම ෆයිල් එකක් Internet එකේ තියෙනවනම් අපිට පුළුවන්  File එක හසුරවන්න කියන්නේ වීඩියෝ එකක්නම් Play කරන්නඕඩියෝ නම් අහන්නනැත්නම් Download කරගන්න. Internet එකේ මේ File එක තියෙන්නෙ කොහොම්දලෝකෙ කොහෙහරි පරිගණකයක හාඩ් ඩිස්ක් එකෙ නේදඅපිට  File එක ලින්ක් කරනවා කියන්නේ Internet කියන නෙට්වර්ක් එක හරහා අපිට ඒක හසුරවන්න පුළුවන් වෙන විදිහට නමක් දෙන එක (ඔයාල සමහරවෙලාවට දන්නවා ඇති වෙබ් ඇඩ්‍රස් ඔක්කොටම IP නම්බර් එකක් තියෙනවා කියලා, අපේ භාවිතයේ පහසුවටයි නමක් දෙන්නෙ කියලා. මේක කිව්වේ ඇයි කියලා පස්සෙ තේරෙවි)

දැන් අපිටත් තියෙන්නෙ අපේ මෙමරි කාඩ් එකේ තියෙන File එකට නෙට්වර්ක් එක හරහා හසුරවන්න පුළුවන් වෙන්න නමක් දෙන එක. කොහොමද ඒක කරන්නේ. ඒකට තමයි අපිට කළින් මේ ගැන හිතපු අය අපේ පහසුවට සොෆ්ට්වෙයා හදලා තියෙන්නේ. මේකට ගොඩක් Apps තියෙනවා. ඒ වුණත් මම Recommend කරන්නේ ‘Fast File Transfer’ කියන එක. මොකද බොහොම සරල UI එකක් තියෙන්නෙ, ඇඩ්ස්, Notifications වගේ වදකාර වැඩ නෑ. මේක Google Play Store එකෙන් Download කරගන්න පුළුවන්. මෙන්න ලින්ක් එක.

මේ විදිහට සාමාන්‍යයෙන් 25Mbps (Mega bit per second – Not megabyte)  විතර Speed එකකින් Download කරන්න පුළුවන්. ඒක Depend වෙන්නෙ දුරකථන 2 මත තමයි. මම Live With Walkman එකෙන් Galaxy Pocket එකක් එක්ක 650mb File එකක් විනාඩි 4න් Transfer කරා.

ඔක්කොටම ඉස්සෙල්ලා මම පොඩි අවවාදයක් දෙන්නම්. අපි කරන්නේ File එක හසුරවන එක නිසා ඒ File එක ඔයාගේ දුරකථනයට Download කරගන්න කියන විධානය දෙන්න පුළුවන් App එකක් දාගෙන ඉන්න. ඔපෙරා වගේ External Browser එකකින් මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. මම ම S3 එකකට ‍ෆිල්ම් එකක් දාන්න ගිහිල්ලා වුණේ ‍ෆිල්ම් එක Streaming Mode එකේ Play වෙච්ච එක විතරයි. Download කරගන්න App එකක් දාන්නම වුණා.

ඔන්න දැන් ඔයා ‘Fast File Transfer’ එක දාගෙන නම් ඉන්නෙ මුළින්ම ඒකෙ Settings fix කරගන්න. ඔයාගේ Hotspot එකේ Name, Password වගේ ඒවා. ඔයාට පාස්වර්ඩ් නොදී ඉන්නත් පුළුවන්. ඒත් ආරක්ෂාවට හොඳ මදි. ඊළඟට App එක Close කරලා File Manager එකකින් යවන්න ඕනේ File එක සිලෙක්ට් කරලා Share දෙන්න. ඒකෙන් ‘Fast File Transfer’ ‍තෝරන්න. එතකොට App එක On වෙලා මැසේජ් එකක් ඒවි.

Fast File Transfer

Fast File Transfer

Fast File Transfer


දැන් ඔයාට කරන්න තියෙන්නෙ File එක ගෙන්නගන්න ඕනේ දුරකථනයේ Wi-Fi On කරලා ඔයා එකේ Hotspot 1 හදනකොට දුන්න Name එක තියෙන නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන එක. කළින් දුන්නු පාස්වර්ඩ් එහෙම දීලා කනෙක්ට් වෙන්න.

දැන් File එක තියෙන දුරකථනයේ ස්ක්‍රීන් එක බලන්න. ඒකේ ඇති IP ඇඩ්‍රස් එකක්. සාමාන්‍යයෙන් එන්නෙ මේක. 192.168.1.43:8080 (දැන් තේරෙනවා නේද කළින් ඇඩ්‍රස් කතාව කිව්වේ ඇයි කියලා). ඔයා ඒක File එක ගෙන්නගන්න ඕනේ දුරකථනයේ බ්‍රවුසර් එකක ටයිප් කරන්න. ඔපෙරා වගේ External Browser එකක් නම් ගොඩක් හොඳයි. මොකද එතකොට File ඒක Download කරන්නමයි අහන්නේ. ඇඩ්‍රස් එක ටයිප් කරන්නේ නැතුව ලේසි ක්‍රමයක් තියෙනවා. ඒකට File එක ගෙන්න ගන්න ඕනේ දුරකථනයේ QR Code Reader එකක් තියෙන්න ඕනේ (Play Store එකෙන්). File එක යවන දුරකථනයේ ස්ක්‍රීන් එකේ IP ඇඩ්‍රස් එක පෙන්නනකොට ස්ක්‍රීන් එක ප්‍රෙස් කරාම QR Code එක පෙන්නනවා. Reader එකෙන් රීඩ් කරලා ඇඩ්‍රස් එක කෙළින්ම ගන්න පුළුවන්. කැමති විදිහක්.

ඔයාගේ දුරකතනයේ Internet එකෙන් File එකක් Download වෙන විදිහටම පෙන්නාවි. එක ඉවරවුණාම මතක ඇතුව Wi-Fi Off කරන්න. විදුලි බලය සුරකින්න එපැයි නේද??


මම දොරලොක් හෝන්ස්. මගේ සයිට් එක LankaTech.info ටත් ඇවිත් බලන්න. තව තව දේවල් ගොඩාක් දැනගන්න.

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King