Tuesday, January 14, 2014

අන්තර්ජාල මුදල් ගණු දෙණු සඳහා ලොව ආරක්ෂිතම බ්‍රවුසරය BitDefender වෙතින්

අන්තර්ජාලය අද වන විට විවිධ කටයුතු සඳහා භාවිතා වනවා. මේ අතර විවිධ මූල්‍යමය ගණු දෙණු, භාණ්ඩ මිළදී ගැනීම්, බිල්පත් ගෙවීම්, බැංකු ගිණුම් පිරික්සීම් වැනි වැඩ කටයුතුත් සිදු වෙනවා. එවැනි කාර්‍යන් වලදී සංසරණය වන ඔබගේ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු, බැංකු ගිණුම් වල තොරතුරු ආදී දෑ අතිශයින් රහසිගත තොරතුරු බව අමුතුවෙන් පැවසීමට උවමණා නැහැ. නමුත් අන්තර්ජාලයේ ඇති අනාරක්ෂිත් බව සහ පරිගණක වයිරස, කී ලොග්‍ර්ස් වැනි අනිටු දෑ සැලකිල්ලට ගත හොත් ඔබගේ වටිනා තොරතුරු අන් අය අතට පත්වීමේ අවධානම වැඩියි. මෙයට පිළියමක් ලෙස BitDefender ආයතනය අධි ආරක්ෂිත බ්‍රවුසරයක් හඳුන්වා දෙනවා.

විවිධ වයිරස් වැඩසටහන්, ස්පයි වෙයා වැඩසටහන්, කීලොගර්ස් වැනි දෑ ඔබේ පරිගණකයේ ස්ථාපනය වන්නේ ඔබට නොදැනීමයි. එයින් ඔබගේ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු, බැංකු ගිණුම් වල තොරතුරු හා වටිනා පාස්වර්ඩ්ස් ඔබ නොදැනුවත්වම අන් අයකුගේ අතට පත් වුවහොත් සිදු වන හානිය අති මහත් විය හැකියි. විශේෂයෙන්ම පේපෑල්, බැංකු ගිණුම් ආදි දෑ නිතර භාවිතා කරන ඔබ වඩාත් සැළකිලිමත් විය යුතුයි. BitDefender ආයතනය විසින් මේ ගැටළු වලට පිළියමක් සපයමින් ලබාදෙන බ්‍රවුසරය හඳුන්වන්නේ Safepay යන නමින්. එමගින් hacking, phishing, tracking සහ session hijacking යනාදී තර්ජණ වලින් ඔබට ආරක්ෂාව සපයා දෙනවා. පහත දක්වා ඇති සබැඳියෙන් ඔවුන්ගේ වෙබ් අඩවියට ගොස් මෙම බ්‍රවුසරය බාගත හැකියි.


මෙය භාවිතා කිරීම සඳහා ඔබගේ බිට්ඩිෆෙන්ඩර් ගිණුමට ලොග් විය යුතුයි. නොමිලේ ගිණුමක් සාදා ගැනීමට ඔබගේ විද්‍යුත් ලිපිණය මෙන්ම Facebook, Google හෝ Microsoft account එක භාවිතා කිරීමට පුළුවන්.

ගිණුමට හරියාකාරව ඇතුලු වූ පසු බ්‍රවුසර් වින්ඩෝව විවෘත වනවා. මුලු තිරය පුරාම විහිදුණු sandboxed වටපිටාවකයි මෙම බ්‍රවුසරය විවෘත වන්නේ. එනම් මෙය ක්‍රියාත්මක වන විට ඔබගේ පරිගණකයේ ප්‍රතු වයිරස මෘදුකාංගය හැරුණු කොට වෙනත් කිසිම වැඩසටහනක් සමඟ සම්බන්ධ වන්නේ නැහැ. Safepay බ්‍රවුසරය ක්‍රියාත්මක වන විට පරිගණකයේ ධාවනය වන අනෙක් processes සියල්ලම බ්‍රවුසරය විසින් පරීක්ෂා කිරීමට ලක් කරනවා. හානිදායක වයිරස, ස්පයි වෙයා, කී ලොගර්ස් ආදී මැල්වෙයා වැඩසටහන් කිසිවකට බ්‍රවුසරයේ තොරතුරු උකහා ගැනීමට Safepay අවකාශ සලසනේ නැහැ. උදාහරණයක් ලෙස කී ලොගර් මෘදුකාංගයක් ඔබගේ පරිගණකයේ ධාවනය වෙමින් තිබුණත් ඔබ ටයිප් කරන පාස්වර්ඩ්, ක්‍රෙඩිට් කාඩ් තොරතුරු ආදී කිසිම දෙයක් දැනගැනීමට එම කීලොගර් මෘදුකාංගයට හැකි වන්නේ නැහැ. අවම වශයෙන් screenshot එකක් ගැනීමටවත් අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ.

දකුණු ඉහළ කෙළවරේ ඇති රතු පැහැ ත්‍රිකෝණය ක්ලික් කිරීමෙන් Safepay වෙත හා ඔබගේ ඩෙස්ක්ටොප් එක වෙත මාරු විය හැකියි. ඩෙස්ක්ටොප් එක ලබා ගැනීමට ඇති එකම ක්‍රමය මෙයයි.

බ්‍රවුසරය සැලකූ කළ එය බොහෝ දුරට ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රවුසරයට සමානයි. තවමත් beta තත්ත්වයේ පවතින නිසා මෙමගින් විශාල පහසුකම් තොගයක් බලාපොරොත්තු වීමට බැහැ. කෙසේවෙතත් ටැබ් භාවිතයෙන් වෙබ් අඩවි කිහිපයකට එක වර යාමට, Opera වලදී මෙන් ස්පීඩ් ඩයල් හා බුක්මාක් භාවිතා කිරීමට මෙහි හැකියාව තිබෙනවා.

Safepay හි ඇති තවත් එක් පහසුකමක් නම් on screen keyboard එකයි. යතුරු පුවරු වලට කෙලින්ම සම්බන්ධ කරන හාඩ්වෙයා කීලොගර්ස් ආදියෙන් බේරීමට මෙම පහසුකම නිසා හැකි වනවා.

Bitdefender Safepay වින්ඩෝස් පරිගණක සඳහා 32-bit හා 64-bit යන ආකාර දෙකෙන්ම ඉහත දක්වා ඇති සබැඳියෙන් බාගත කරගැනීමට පුළුවන්.

මම ලහිරු දර්ශන විද්‍යාරූප
…මේ මගේ Web එක Hotldv Web Solution

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King