
ඔයාල ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් යූස් කරනව නම් අනිවා තරමක් ඉන්ටනෙට් යනබව මම දන්නවා. දැන් ඉස්සර වගේ නෙවෙයිනෙ ඉන්ටනෙට් බොහොම ලාභයිනෙ. ඉතින් කැමති නැද්ද ඉන්ටනෙට් එක හරහා ලාභෙට කෝල්ස් ගන්න? නෑ නෑ.. ඉන්ටනෙට් චාර්ජස්, කෝල් චාර්ජස් තරම් වෙන්නෙ නෑ. පැයකට 14 mb කින් පුළුවන් කිව්වොත් මොකද කියන්නෙ?? ඇප් එකේ නම තමයි වයිබ(ර්)..
මේකෙන් 2G නෙට්වර්ක් එකකදි වුණත් ප්‍රශ්නයක් නැතුව කතාකරන්න පුළුවන්. ඒ විතරක් නෙවි, msg කරන්නත් පුළුවන්. Battery usage එකත් සෑහෙන අඩුයි. තව ෆෝන් එක නැති වෙලාවට කම්පියුටර් එකෙන් යූස් කරන්න සොෆ්ට්වෙයා එකකුත් තියෙනවා. හැබැයි ඒකට නම් ෆෝන් එකට දාලා තියෙන්නම ඕනෙ. එහෙමත් නැත්නම් ඉතින් අඩුම ගානෙ Android Emulator එකකටවත්.
හරි එහෙනම් කතා නැතුව වැඩේ පටන්ගමු.
මුළින්ම ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගෙන ඉමු.
Google Play Store එකේ Viber කියලා සොයලා ඩවුන්ලෝඩ් කරගන්න.
නැතිනම් මේ ලින්ක් එකෙන් යන්න. Click Here .
මුළින්ම ඔන් කරනකොට ඔයාගෙන් ඔයාගෙ Phone Book එක Access කරන්න අවසර ඉල්ලාවි. ඊට පස්සෙ ඔයාගේ දුරකථන අංකය ඉල්ලාවි. ඔයාට දැනට වැඩකරන ඕනෙම ජංගම දුරකථන අංකයක් දෙන්න පුළුවන් වුණත් දැනට මේ ඇප් එක දාපු ෆෝන් එකේ තියෙන සිම් එක දුන්නොත් වැඩේ ලේසියි.
ටික වෙලාවකින් ඔයාගේ ෆෝන් එකට මිස් කෝල් 2ක් ඇවිත් මැසේජ් එකකුත් ඒවි. ඔයා දුන්නෙ වයිබර් දාපු ෆෝන් එකේ දැනටම තියෙන සිම් එකනම් බොහෝදුරට මැසේජ් එක ආපුගමන් ඔයාව ඉදිරියට ගෙනයාවි. එහෙම වුනේ නැත්නම් හරි වෙන සිම් එකක් හරි දුන්න නම් එන මැසේජ් එකේ තියෙන අංක ටික හරියට ඇප් එකට ලබාදෙන්න. ඔන්න වැඩේ ඉවරයි.
දැන් ඔයාගේ යාළුවන්ගෙන් දැනටමත් වයිබර් ඉන්න යාළුවන්ව පෙන්නාවි. :D
ඇන්ඩ්‍රොයිඩ් එකක් නැතත් පරිගණකයෙන්ම මල් කඩන හැටි බලන්න ක්ලික් කරන්න.
දොරාගෙ සයිට් එකටත් ඇවිත් බලන්න LankaTech.info
No comments:
Post a Comment