Thursday, January 30, 2014

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ස්පයි කරමු



android spy

මෙන්න දොරාගෙන් එළ අයිටම් එකක්. ඇන්ඩ්‍රොයිඩ් එකක් ස්පයි කරන හැටි. මේකට ෆෝන් එකේ Root Access ඕනෙ නෑ.

"Wife/Husband, Girlfriend/Boyfriend ඔයාට හොර කරනවද කියලා අල්ලගන්න හොඳම විදිහ තමයි මේ. ඒ වගේම තමන්ගේ දරුවා කාටද Message කරන්නේ, මොන Websites ද Browse කරන්නේ කියලා බලාගන්නත් පුළුවන්" කියලා තමයි එයාලා කියන්නෙ. පුළුවන් තමයි. හැබැයි මම නම් දෙන්නෙ අධ්‍යාපනික පරමාර්ථවලට විතරයි ඔන්න. මම මේක මගේ ෆෝන් එකේ ටෙස්ට් කරා. 100% වැඩ. වෙන ඒවට නම් දාලා නෑ ඕං..

ඔයාට පුළුවන් Sms Track කරන්න, ෆෝන් එකේ Gps Location එක බලන්න, ටයිප් කරන අකුරු ට්‍රැක් කරන්න, සිම් මාරු කරාද, ෆෝන් එක ඔෆ් කරපු වෙලාව, ඕපන් කරපු Apps බලන්න වගේ තව ගොඩක් දේවල්. හොඳම වැඩේ කියන්නෙ මේකෙන් ඔක්කොම තොරතුරු ටික නෙට් එකට අප්ලෝඩ් කරගන්න පුළුවන් එක.

ඔයාට මුළින්ම කරන්න තියෙන්නෙ මේ ලින්ක් එකෙන් ගිහින් සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න එක.

ඊට පස්සෙ ඒක Extract කරගන්න (Extract කරගන්න සොෆ්ට්වෙයා එකක් නැත්නම් මෙන්න). ඒකෙ Versions 2ක් ඇති. මම කරන්නෙ  ඇන්ඩ්‍රොයිඩ් 2.1 ට කළින් ඒවට තියෙන එක. මොකද ඒකෙ Features වැඩියි වගේම ආරක්ෂිත බව වැඩියි. ඒ නිසාම මම මේ ලියන්නේ ඒ Version එකට. ඒකෙ අවුලක් තියේ නම් අනික් Version එක Install කරගන්න. ඒවුණාට ඒකෙ Icon එක Launcher 1ට වැටෙනවා.

1. මුළින්ම Extract කරගත්තු තැනින් 'For Android 2.1' කියන ෆෝල්ඩර් එක මෙමරි කාර්ඩ් එකට Copy කරගන්න.

2. ඔයා ඊළගට කරන්න ඕනේ ෆෝන් එකේ Security Settings වලින් Unknown Sources ටික් කරන එක (කරලා නැත්නම් විතරයි). බයවෙන්නෙපා. මේ එක තියෙන්නෙ apk ෆයිල් එකකින් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් Auto Install වෙන එක නවත්තන්න(වයිරස් වගේ). අපි දැනගෙන නම් පාවිච්චි කරන්නේ, ගැටලුවක් නෑ. ඒකට ඔයා 'Settings' වලට ගිහින් එකෙන් 'Security Settings' වලට ගිහින් Unknown Sources' ටික් කරන්න.

Android Security Settings

3. ඊළඟට ෆෝන් එකේ File Manager එකකින් Copy කරගත්ත ෆෝල්ඩර් එකට ගිහින් ඇතුළෙ තියෙන 'KidLogger 1.4.apk' එක Install කරගන්න. ඒත් එක්කම 'KidLoggerKeyboard 1.3.apk' ත් Install කරගන්න.

Installing Kidlogger
 Installing Kidlogger

4.ඊළඟට Settings-Language and Input ට ගිහින් ඒකෙ 'Soft Keyboard Pro' ඉස්සරහ ටික් කරන්න.

Android Settings
 Android Languages and input

5. දැන් ඒකෙ දකුණු පැත්තෙ තියෙන Settings Icon එක Click කරන්න.

Configuring Kidlogger

6. ඔය Type කරලා තියෙනවා වගේ *123456# ගහලා 'Launch KidLogger' දෙන්න. එතකොට මේ වගේ Screen එකක් පෙනේවි.

Starting Kidlogger

7. ඔයාට Customize කරන්න ඕනේ ඒවා කරගන්න Settings Click කරන්න. එතකොට පෙන්නන Features මම පෙන්නන්නම්.


Configuring Kidlogger


Configuring Kidlogger

Configuring Kidlogger

Configuring Kidlogger


9. ඕනේ ඒවා Set කරගෙන Back දීලා 'Start Logging' දෙන්න. මේ ෆෝන් එකෙන්ම බලනවනම් ආයෙත් පුරුදු විදියටම Log වෙලා 'Preview Log File' දෙන්න. Internet හරහා Upload කරගෙන බලනවා නම් Settings වලින් යටම තියෙන 'Upload logs to KidLogger.net' එකෙන් කරගන්න. ඒ පිළිබද Article එකක් පසුවට.


මේවගෙන් ඇතිවෙන ගැටලුවලට මම වගකියන්නේ නෑ හොඳේ.

මම දොරලොක් හෝන්ස්. මගේ සයිට් එක LankaTech.info ටත් ඇවිත් බලන්න. තව තව දේවල් ගොඩාක් දැනගන්න.

1 comment:

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King