Friday, July 4, 2014

Directx වල සේරම අවුල් පට ගාල ලිහන්නෙ මෙහෙමයි


Games ගහන අයට නම් ඉතින් Directx වල වැදගත්කම ගැන වෙනම කියල දෙන්න ඕන නෑනේ.අලුතෙන් එන Games ගහන්න අලුත්ම Directx එකට Update කර තිබීම ඉතාමත් වැදගත්.නමුත් ඇතැම් අයගේ Computers වල Directx Features Enable නොවී තිබීම නිසා ඇතැම් Softwares,Games Run කරන්න බැරුව යනවා.ඔයාගේ Directx Features Enable වෙලාද Disable වෙලාද කියල බලාගන්න Search එකේ dxdiag කියල ගහල Enter ඔබල Open වෙන Window එකේ Display යටතේ පහත පෙන්වල තියෙන ප්‍රදේශය බලන්න.

ඔය දීල තියෙන්නේ මගේ Computer එකේ Screenshot එකක්.ඔයාලගේ Computer එකේ ඔතනින් එකක් හරි Disable වෙලා තියෙනවනම් ඒක Enable කරන්න ඕන මෙහෙමයි.
මේකට එක හේතුවක් තමයි Directx අලුත්ම Version එකට Update වී නොතිබීම.ඒක හන්ද මුලින්ම කරන්න ඕන අලුත්ම Version එකට Upadate කරගන්න එක.පහළ Link එකෙන් අලුත්ම Directx එක Download කරගන්න.

  1. ඒක කරලත් Enable වුණේ නැත්නම් පහළින් දී ඇති උපදෙස් පිළිපදින්න.
  2. Desktop එකේ හිස්තැනක Right Click කරන්න.
  3. Screen Resolution යන්න ලබා දෙන්න.
  4. එහි Advanced Settings යන්න ලබා දෙන්න.
  5. Open වන වෙහි Troubleshootයටතේ ඇති Change Settings යන Button එක Click කරන්න.
  6. ඉන්පසු Hardware Accelaration එක Full(උපරිම) මට්ටමට ගෙන එන්න.

No comments:

Post a Comment

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King