Tuesday, October 27, 2015

Adsense, PayPal, eMoney සහ තවත් ලට්ට පට්ට | බෝතලය #4

eMoney කුප්පිය

වෙනදා වගේ නැතිව අද කලින්ම කුප්පිය දාන්නයි අදහස් කලේ. කුප්පියක් කියලා කීවාට ඉස්සරෝම ලෑස්ති වෙන්නේ විවේචනයක් කරන්න. ඒ වගේම ඒ හරහා ලොකු දැනුමක් දෙන්න. ලංකාවේ eමනී ගුරෝ ගැන තමයි කියන්න හදන්නේ. කාලයක් ඇඩ්සෙන්ස් විකුනාගෙන කෑවා. දැන් අලුත් වචනයක් ඉගෙනගෙන. Data Entry කියලා. දැන් විකුනාගෙන කන්නේ Data Entry. මෙන්න මේ වෙලෙන්දන්ට බඩේ පාර ගහන්න තමයි යන්නේ. මට මේ ගැන මුලින්ම හිතුනේ Sunday Observer පත්තරේ පි‍ටුවක් පුරා තිබුනු දැන්වීමක් දැකලා. A/L වලින් පස්සේ ගැසට් නිවේදන හා වෙනත් ඇඩ් බලන්න පත්තරේ ගන්නවා. නැතිව po$h එකට ඉංගිරීසි පත්තර කියවනවා නෙවෙයි. ඉතින් මෙන්න මේකයි දැකපු දැන්වීම,

පහලින් දාලා තියෙනවා ඇඩ් එකේ විශාල ඡායාරූප දෙකක්. ඒවා මත ක්ලික් කර විශාල කරලා පහසුවෙන් කියවන්න පුලුවනි.
දැන් මේ විහිලුකාර මුදලාලිලාගේ විහිලුව විස්තර කරන්නම්.

Ads Click කර මසකට 20,000 ක්?

මොකක්ද යකෝ මේ විහිලුව. Elite list  එක හා  Scam List එක සන්සන්දනය කර බලන්න. කොච්චරනම් PTC හොරු ඉදලා තියෙනවාද කියලා. මේ PTC අඩවියක යාන්ත්‍රනය මෙහෙමයි,

1. Private Domain එකකින් PTC අඩවියක් අරබනවා. Script හොස්ටින් වගේම ඩොමේන් එකටත් අවුරුද්දකට වියදම් වන්නේ $100ක් වැනි සුලු මුදලක්.

2. මුලින් ආයෝජකයන්ට සල්ලි ගෙවනවා. ගෙවලා ප්‍රීමියම් එකවුන්ට් දහස් ගානක් විකුනනවා. ඒ වගේම ඩොලර් දහස් ගානක් ආයෝජනයට ඉඩ දෙනවා. රෙෆරල්ලත් ඇති තරම් දෙනවා. මේ අතරේ Ad එකකට රු. 1 ක් හෝ සත 10ක් ගෙවනවා. උබලත් ඒකට පෙරේතකමේ හැමදාම උදේට නැගිටලා ඇඩ් 4 ගානේ ක්ලික් කර දවසට රු. 4ක් හොයනවා

3. අන්තිමේට ආයෝජනයේ උපරිමයට ආපුවාම එකතුවුනු ඩොලර් දස දහස් ගනන් අරගෙන අයිතිකාරයා පනිනවා. බොහෝවිට උගේ පෙපැල් එකත් හොර, තාවකාලික එකක්. අන්තිමේට සුද්දෝ පෝස්ත් වෙනවා.  අහින්සක උබලා නහයෙන් අඩනවා.

ඔන්න මේ බූරුවන්ගේ රු. 20,000හේ කථාන්දරයට තිත. මේ කොච්චර කීවත් සමහරු ඉන්නවා මෙහෙම කියන. මචං උබ ඔහොම කීවට, ඩිරෙක්ට් රෙෆරල්ලා ගොඩක් අරගෙන ප්‍රීමියම් එකවුන්ට් එකකුත් අරගෙන තව රෙෆරල්ලා රෙන්ට් කරලා බ්ලා.... බ්ලා.......බ්ලා කරපුවාම Rs. 20,000ක් හොයන්න බැරිවෙන එකකුත් නෑ. <-- මගුලක් කතා කරනවා.

Form Fill කර රු. 10,000 ක්?

Form Fill කරන්නේ කොහේද?
1. Microworkers Jobs
2. oDesk Jobs & other Freelancer Sites

මීට අමතරව,
beruby.com
cashcrate.com
prizelive.com

වගේ වෙබ් අඩවි තිබුනත් ඒවා එච්චර සාර්ථක නෑ.
මේක ලංකාව. අපි ලොකුයි කියලා හිතාගෙන හිටියාට වෙන රටවල් අපිව පඩේකටවත් ගනන්ගන්නේ නෑ. ඒනිසා මේ සුලු දේවල් වලින් $100ක් මසකට හොයනවා කියන එක බොරු වැඩක්. $20- 25ක් නම් ගේමක් නැතිව හොයන්න පුලුවනි. ඒකට Microworkers (MW) එකේ වැඩ කරන ඕනෙම කෙනෙක් සාක්ෂි දරාවි.
ඔන්න මේ බූරුවන්ගේ රු. 10,000හේ කථාන්දරයට තිත.

Data Entry Job කර රු. 80,000ක්

මොනවද මේ Data Entry ?

MS Word, MS PowerPoint, MS Excel, MS Access සම්බන්ධ ‍රැකියා තමයි මූලික වෙන්නේ ඒ හැරුනාම.
PDF Editing (Software: nitro pdf)
Image to text
Article Spin/Rewrite (Software: The Best Spinner)
Social & Other Account Creation (Software: Xrumer/ SenukeX)
Auto-blog handling (Software: Auto Blog Samurai)
WordPress Posts by Copy-Paste
Captcha typing

වගේ දේවලුත් Data Entry ඝනයට වැටෙනවා. තවත් ඊමේල් හා ඉන්ටර්නෙට් සම්බන්ද ඕනේම දෙයක් Data Entry කියලා සලකන්න පුලුවනි. Photoshop, illustrator කියන්නේ Data Entry වැඩ නෙවෙයි හොදේ.
Twitter-Facebook මගින් මුදල් ඉපයීම
Facebook එකෙන් සල්ලි හොයම

Data Entry කරන්නේ කොහේද?

මේවා කරන්නේ freelancer වෙබ් අඩවිවල. ලංකාවේ අපිට හරියනම වෙබ් අඩවි දෙක තමයි,
oDesk සහ Elance . oDesk  ගැන සම්පූර්නයෙන් ලියලා තියෙනවා. හිතාගෙන ඉන්නේ Elance ගැනත් සම්පූර්න පරිපූර්න ලිපි පෙලක් ලියන්න. මේ වෙබ් අඩවි සම්පූර්ණයෙන් නොමිලේ සේවා සපයනවා. තැ‍රැව් කාරයෝ ඕනේම නෑ. තියෙන්නේ රෙජිස්ටර් වෙලා තමගේ හැකියාව අනුව ජොබ් වලට ඉල්ලුම් කරන්න. මාසයක්ම මහන්සිවුනත් මේ සුලු සුලු වැඩ කරලා දීලා හොයන්න පුලුවන් $100-200ත් අතර ගානක්. ටැස් කොරලා බලලයි කියන්නේ හොදේ

ඔන්න මේ බූරුවන්ගේ රු. 80,000හේ කථාන්දරයට තිත.

මීට අමතරව මේ කාලයේ යන අලුත්ම ‍රැල්ල තමයි Forex Trading. මෙන්න තියෙනවා අපේ කොල්ලෙක් නියමෙට මේ ගැන ලියලා. මං නම් මේ විෂය දන්නේ නෑ. ඒත් අහලා තියෙන දේ මෙච්චරයි, Forex Chart එක පහලට යනකොට Sell සහ ඉහලට යනකොට Buy කලයුතුයි. එතකොටයි අපිට ලාභ ලැබෙන්නේ. මං දන්නේ ඔච්චරයි.

Forex වලින් මුදල් සොයමු

අන්තර්ජාලයෙන් අඩුමිලට භාන්ඩ


අඩුවට භාන්ඩ ගන්න ගොඩක් තැන් නෑ. තියෙන්නේ දෙකයි. එකක් buyincoins.com , අනික dealextreme.com

මේ භාන්ඩ අඩුවට ගැනීම ගැන සම්පූර්ණ විස්තර මේ ලිපිවල තියෙනවා
ඊබොක්කටත් වඩා මිල අඩුවෙන් | PayPal කුප්පිය #4
ඊබොක්කටත් වඩා මිල අඩුවෙන් | PayPal කුප්පිය #5
ඊබොක්කටත් වඩා මිල අඩුවෙන් | PayPal කුප්පිය #6

ඔන්න AmazonLanka වැද්දන්ගේ පලමු ඡේදයටම තිත.

මීට අමතරව තව මාර කථාටිකකුත් කියලා තියෙනවා නොවැ. හරි වටිනා බඩු ටිකක් තමයි නොමිලේ දෙන්න යන්නේ. මේ නොමිලේ දෙන බඩු ටිකත් මංම දීලා දාන්න හිතුවා.


නොමිලේ සැටලයිට් ටී.වී

ඉන්ටර්නෙට් එකෙන් ටී.වී බලනවානම් හොදම වෙබ් අඩවිය තමයි hulu.com
ඒත් ඒ වෙබ් අඩවිය භාවිතාකිරීමට ලංකාවේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකනම් බොහොම මදි. මෙයාලාගේ අඩවියේ තියෙන්නේ පුළුල්තිර දර්ශන. ඒ නිසා බෆර් වෙවී තියෙනවා.

මීට අමතරව මෘදුකාංගයක් ලෙස තියෙන හොදම ටී.වී මෘදුකාංගය තමයි Satellite Direct කියන්නේ. මේ වෙබ් අඩවියෙන් මේ මෘදුකාංගය මිලදීගන්න පුලුවන්. http://www.satellitedirect.com/

මිලදිගන්න අකමැතිනම් නොමිලේ බාගන්න

Satellite Direct

Internet TV Radio Player

Sopcast P2P

Virus Guard

Bitdefender Internet Security 2012
Avast! Internet Security 6.0
ඕනේම අන්ටි-වයිරස් මෘදුකාංගයක් නොමිලේ 35+

මෘදුකාංග එකතු - Free Downloads

මෘදුකාංග සිංහලෙන් softwarenomile.org

මීට අමතරව සිංහල කොල්ලෝ ඕනතරම් මෘදුකාංග ගැන ලිපි ලියනවා. ඒ ලිපි, වම්පැත්තේ සිංඩිකේටරයෙනුත්, දකුනු පැත්තේ කුඩා බැනර් වලින් සංකේතවත් කර ඇති අනෙකුත් සිංඩිකේටර වලිනුත් ලබාගන්න පුලුවන්.

ඕනේම මෘදුකාංගයක් නොමිලේ හොයාගන්නේ කොහොමද?

මේකට තියෙනවා වෙබ් අඩවි කීපයක්. හොදම එක තමයි http://filecrop.com/

http://www.heroturko.me/
http://www.gfxtra.com/
http://www.hotfilesearch.com/
http://www.filestube.com/
http://www.dl4all.com/

මේ වෙබ් අඩවියකට ගිහින් ඕන මෘදුකාංගයේ නම ගහලා සර්ච් කරපුවාම ඕනේම මෘදුකාංගයක් හොයාගන්න පුලුවන්.

 හරි ඔන්න පත්තර පි‍ටුවක් පුරා දාලා තිබුනු පත, පච හෑල්ල ඔක්කෝම පැහැදිලි කරා. මේ පාර ගැහුවේ Amazon Lanka කියන ආයතනයට විතරක් නෙවේ. ඔය පාත් ඇකඩමි. දක්ශින ලංකා ඇතුලු අහුමුලු ගානේ ඊමනී උගන්නන ලංකාවේ දත්දොස්තරලා ඔක්කෝටමත් එක්කම තමයි.

මේ මිනිස්සු ඉස්සරහාට දාගන්නවා නමක්, ඒකතමයි "විදේශ විනිමය රටට ගෙන ඒමේ ඒකායන අරමුනුනින්" කියන වාක්‍ය. එහෙම කියලා ඉගෙනගන්න එන එකෙකුගෙන් රු. 5000 ගානේ ගලවනවා. යකෝ ලංකාව ගැන ඒ හැටි කැක්කුමක් තියෙනවානම්, ඇත්තටම මේ හැත්ත ලක්ෂය ගානේ හොයනවානම් දන්නේ නැති එවුන්ට නිකන් උගන්වපල්ලාකෝ. නෑ මුන්ට තියෙන්නේ මෙහෙම දෙයක්. උන් ගාව විකුනන්න කිසිම දක්ශකමක් නෑ ඒ වගේම විශේෂ දක්ෂතාවයක් පිහිටන්නෙත් නෑ. ඇඩ් එකක් දාලා හොයාගන්නවා ඒ වගේම කිසිම දෙයක් බැරි අබ්බගාත ගෝලයෝ ටිකක්. තව දානවා නමක් ඩේටා එන්ට්‍රි කියලා.  ඊටපස්සේ අහින්සක මිනිස්සුන්ගෙන් සල්ලි ගරනවා. මං කියන්න දන්නේ එක දෙයයි, ඔය හොයන සල්ලි පිහිටන්නේ නෑ. ඵල ප්‍රයෝජනයක් ගන්නත් බෑ. ඒවාගේන් යාන වාහනයක් ගත්තොත් ඒකත් පවතින්නේ නෑ. සල්විතිට මොකද වුනේ?

Adsense කුප්පිය

මතක ඇති මං ඇඩ්සෙන්ස් ගත්තා කීවා. ගත්ත හැටිත් කීවානේ.
ඉතින් මේ ඇඩ්සෙන්ස්වල ආදායම පොඩ්ඩක් කියන්න හිතුවා.  මම කලින් ඒ ඉංග්‍රීසී බ්ලොක්කය ලීවේ අතින්, ඒ manual ආං-බාං කරපු බ්ලොක්කය මං දැන් Autoblog එකක් කලා. Auto Blog Samurai කියන මෘදුකාංගයෙන් තමයි එහෙම කරන්නේ. මේකේ විශේෂත්වය තමයි ලේඛකයෙක් නැතිව ඉබේම බ්ලොක්කය ලියවෙන එක.

Auto Blog Samurai මෘදුකාංගය මෙතැනින් ගන්න

http://depositfiles.com/files/dr30jo572

HOW TO INSTALL:

-install ABSamurai.msi
-go to the folder where you installed ABS
-open crack and overwrite Auto Blogging.exe in the ABS folder
-run autoblogging.exe and enter ANY email when it asks for it.
-Example Email: iplusblog@live.com (You can change letters or numbers around)

Auto Blog Samurai වලින් ඔටෝ බ්ලොග් එකක් කරන ආකාරය පියවරෙන් පියවර ඊලග ලිපියෙන් ලියන්නම්.

හදිස්සිකාරයෙක් ඉන්නවානම් මෙන්න වීඩියෝවක් තියෙනවා බලලා ඉගෙනගන්න

Auto Blogger Samurai - Top Blogging Software
http://www.youtube.com/watch?v=h5BZZKlqRdI

තාම ඇඩ්සෙන්ස් වලින් ලොකූ ආදායමක් නෑ. ඒත් ඊලග මාසේ වෙනකොට $100 පිරේවි. එතකොට බලමු මේ පාරවත් චෙක්කුවක් එවයිද කියලා. දැනට බ්ලොක්කය පටන් අරගෙන මාස තුනකට ලගයි. මෙහෙමයි ආදායම,
මේ එක බ්ලොක්කයකින්නේ. මං හිතාගෙන ඉන්නේ තව බ්ලොක්ක පහ, හයක් හදලා දාන්න. එතකොට ඔය ආදායම පස් හය ගුනයකින් වැඩි වෙනවා. ගූගල් සමාගම චෙක්කුවක් එව්වොත් අනිවා කියන්නම්. නැත්නම් මේ පාරත් ගියපාර වගේ අල්ලපු අත්තත් නැතිව පයගහපු අත්තත් නැති මගුලක් වෙයිද දන්නේ නෑ.  ඇඩ්සෙන්ස් ගැන සිහලෙන් දැනගන්න, සල්ලි වැඩිපුර හොයන්න vimasumblog.info

සමාවෙන්ඩ ඕනෑ. එවන ඊමේල් වලටයි, දාන කොමෙන්ට් වලටයි උත්තර ලියන්න පරක්කු වෙනවාට. වෙලාව තමයි වැඩේ, උදේ නැගිටලා දත් මදිනකොට දවල් කෑම වෙලාව පහුවෙලා, කාලා බීලා ආතල් එකේ පොඩ්ඩක් ඉන්නකොට ‍රැට නිදියන වෙලාව ඇවිල්ලා. ඊට අමතරව අර ‍ෆිවර් එකේ සුද්දෝ මාව කන්ඩ හදනවා වැඩ කරලා දියන් කියලා. දවසකට පැය 72ක් විතර තියෙනවානම් ඔන්න ඔක්කොම වැඩ කූල් එකේ කොරගන්න පුලුවන්.  මීට අමතරව සම්බන්ධ කරගන්න පුලුවන් Facebook එකෙන්. http://www.facebook.com
රෑ 9ත් 10ත් අතර බොහෝවිට ඔන්ලයින් ඉන්නවා.

ගිහින් එන්නම්,
ඔබට ජය!

( මෙම ලිපියෙහි පූර්ණ අයිතිය iPlus blog කතෘ සතුවේ)


Fiverr, PayPal, eMoney සහ තවත් ලට්ට පට්ට | බෝතලය #3


කුප්පියක් දාන අස්සේ ඔන්න ආයෙත් බෝතලයක්ම අරගෙන ආවා. හෆ්ෆා මේ දවස්වල හරියට වැඩ. හ්ම්....හ් අමතර කාරනානම් නෑ. ඒ නිසා කුප්පි වලට බහින්නම්.

PayPal කුප්පිය

පේපැල් මුදල් පස්ස දොරෙන් ලංකාවට කියලා Plimus ගැන ලිපි පෙලක් ලීවා මතක ඇති. ඒත් දැන් වැඩේ අල වෙලා. දැන් එයාලාගේ පේමන්ට් ක්‍රම වෙනස් කරලා. පහල මැසේජ් එක බලන්න,



මෙයාලා කියලා තියෙන්නේ පෙපැල් වලින් ලැබෙන මුදල කෙලින්ම අපේ පෙපැල් එකටම බැරකරනවා. එයාලා මැදිහත් වෙන්නේ නෑ කියලා.
මේක කරන ආකාරය මෙයාලා පැහැදිලිව මෙතන දක්වලා තියෙනවා
http://home.plimus.com/ecommerce/learning-center/sellers/settings/paypal-settings
දැන් ඉතින් දුක තමයි. මගින් ආයේ පෙපැල් මුදල් චෙක්කු බවට පත් කරන්න බෑ. මේ සදහා අපිට ඕනේ නම් Fastspring යොදාගන්න පුලුවනි. කැමතිනම් කරලා බලන්න.

ඒ වගේම පෙපැල් මුදල් ලංකාවට ගෙන්වාගන්න තව ක්‍රමයක් Raba කියලා යාලුවෙක් යෝජනා කලා, එයාගේ කොමෙන්ට් එක මං පහලින් උපුටලා දක්වන්නම්.

"පේපැල් වලින් සල්ලි ගෙන්න ගන්න හැටී උඹ කීවනේ වෙන වෙන වෙබ් පිටුවකට සල්ලි මාරු කරල (fastspting neda nama)..
හැබැයි මචන් ඔය අතරමැදි වෙබ් පිටුව වෙනුවට අපි අපේ විස්වාසවන්ත oDesk පිටුව බවිත කලොත්.
ඒ කියන්නේ මම ජොබ් එකක් පොස්ට් කරලා මමම එක කරනවා ( අකවුට් 2 කින් ). හැබැයි ලොකු ගානක් කැපෙනවා.
හැබැයි මට හිතෙන්නේ ඒ ගාන ආයෝජනයක් කර ගන්න පුළුවන්.
1. උඹේ work history එක උඹ කැමති විදිහට හදා ගන්න පුළුවන්.
උඹේ ෆීඩ්බැක් එක, ස්කෝර් එක කැමති විදිහට අයිසින් දාල සැරසිලි කරලා හද ගන්න පුළුවන්, දකින ඕනේ කෙනෙක්ගේ ඇස් උඩ යන විදිහට. වාසිය තේරෙනවනේ. ;-)

2. ඔය ලොකු ලොකු පොරවල් ඔය වැඩේ හරියට කරන්නේ කොහොමද කියල බල ගත්ත හැකි.
මචන් උඹ නොර්මල් විදිහට ජොබ් පොස්ට් එකක් දැම්මොත්, ඕකට වෙන උනුත් apply කරනවනේ. ඔය ලොකු ලොකු සුද්දෝ ඇත්තටම cover letter එක ලියන්නේ කොමද, උන් ඉන්ටවීව් එකට කොමද මූණ දෙන්නේ කියල උඹට බල ගන්න පුළුවන්. wasiya therenawane ;-)

apita oDesk eka hoda anaagathayak hadaganna puluwan.

මේක හරියන්නේ පුළුවන් එකක්ද කියල පොඩ්ඩක් හොයල බලන්න."

 පෙපැල් ගැන තවත් කතාවක් කියන්න තියෙනවා. බොහෝමයක් අය  microworkers (MW) එකේ වැඩ කරනවා නොවැ. ඉතින් අන්න ඒ අයට මේක සුභ ආරන්චියක් වේවි. ඒක තමයි ඇලට්පේ එකට ලැබෙන මුදල් පෙපැල් එකට මාරු කරන ක්‍රමයක් chanakawe@gmail.com කියන යාලුවා එවලා තිබුනා.

එයාගේ කථාව කියන්න ඉස්සර වෙලා ඇලට්පේ සහ පෙපැල් මුදල් මාරු කරන්න මම ඉස්සර භාවිතා කරපු ක්‍රමය කියන්නම්. ඒ ක්‍රමය මෙහෙමයි. හැබැයි අපි මාරු කරනා ගානෙන් 20%ක් ගෝනි බිල්ලෝ කනවා. gigbucks (GB) ගැන දන්නවානොවැ. ඉතින් මේ GB ඉස්සර පෙපැල් සහ ඇලට්පේ කියන Payment Method දෙකටම සහාය දැක්වූවා. ඒ නිසා ඉස්සර මං කලේ මෙහෙමයි,

GB-1 = පලමු ගිග්බක්ස් ගිනුම
GB-2 = දෙවන ගිග්බක්ස් ගිනුම

1. GB එකේ වෙනස් IP නම්බර දෙකකින් ගිනුම් දෙකක් හදනවා. එකම කොම්පීතරෙන් වුනාට කමක් නෑ. ඒත් එකම අවස්තාවේ දෙකටම ලොග් වෙන්නේ නෑ.

2. එක GB-1 ගිනුමෙන් ගෙවනවා අනිත් GB-2 ගිනුමේ ගිග් එකකට.

3. අපි හිතමුකෝ ඇලට්පේ එකෙන් ගෙවීම් කරනවා කියලා. ඔන්න ඊට පස්සේ Gig Deliver කරලා හොද ෆීඩ් බැක් එකකුත් අපිම දමා ගන්නවා. දවස් හතකින් අර ලැබුන මුදල GB-2 ගිනුමේ ක්ලියර් වෙනවානොවැ. ඊට පස්සේ ඒක පෙපැල් එකට withdraw කරනවා.

ඇලට්පේ එකෙන් වියදම්කලා ඒ වියදම් කල මුදලෙන් 80%ක් පෙපැල් එකට ඇවිල්ලා (20% ක් ගාස්තුව ලෙස GB කපාගන්නා නිසා). මේක දැන් යල් පැනගිය, දත් හැලුනු, නාකි, ගොන් ක්‍රමයක්. ඒ වගේම වාසනාවකට හෝ අවාසනාවකට දැන් GB ඇලට්පේ සපෝට් කරන්නෙත් නෑ.

මේකත් එක්කම කියන්නම් මනිබූකස් සහ ඇලට්පේ අතර මුදල් මාරු කරන ක්‍රමයක් ගැන.  මේකේනම් මුදල් නාස්තියක් වෙන්නේ නැති තරම්. වැඩිම වුනොත් 2%ක් විතර නාස්ති වෙයි. Microworkers (MW) තමයි මේකට සහය වෙන සගයා. මේකනම් ලේසියි පහසුයි.  එක පේමන්ට් ක්‍රමයකින් Deposit කලා, වෙනත් පේමන්ට් ක්‍රමයකට Withdraw කලා.

ඒ කියන්නේ මේකයි. අපිට පුලුවනිනේ MW එකේ ජොබ් පෝස්ට් කරන්න. ජොබ් පෝස්ට් කරන්න සල්ලි ඕනේ. සල්ලි ඉස්සරෝම  Deposit කරන්න ඕනේ.  ඒ Deposit කරපු මුදල් එසැනින් අපේ MW ගිනුමට වැටෙනවා. ඒ මුදල් අපේ ගිනුමේ තියෙන සම්පූර්න මුදලත් එක්ක එකතුවෙනවා (හම්බ කරපු මුදල් + Deposit කරපු මුදල්). අන්තිමේට ඒ මුලු මුදලම අපිට Withdraw  කරන්න පුලුවනි.

උදාහරනයක් විදියට ඇලට්පේ මුදල් $10 ක් මනිබුකස් එකට දාගන්න ඕනේ කියලා හිතමු,

Deposit කරන්නේ මෙහෙමයි

Withdraw කරන්නේ මෙහෙමයි

මං දන්නවා මේවා කරන පිරිස බොහොම අඩුයි. ඔක්කෝටම වඩා බයයි. ගෙදරට, ගමට, ඉක්කෝලෙටනම් චන්ඩි. ඒ වුනාට ගූ බයයි මුදල් ගනු දෙනුවක් කරන්න. කරන නොකරන එක පැත්තක තියලා, මෙන්න ක්‍රමේ කොරනවානම්. හැබැයි අර Plimus වගේ එකත් පහුවදාට මේක වහලාදායිද දන්නේ නෑ. මොකද ලංකාවේ ඈයෝ වැඩකට බැස්සොත් එතන හාලා, සීසාලා වප්මගුලත් කරලාමනේ එන්නේ. මොකද ඉතින් මේක කෘෂිකාර්මික රටක් නොවැ. :P

chanakawe@gmail.com කියන යාලුවා එවලා තිබුන. Alertpay --> Paypal මුදල් හුවමාරු ක්‍රමයත් මේ MW එක වගේමයි. මම මේ MW ක්‍රමය ගැන කියලා දුන්නේ මේකත් ඒ වගේමයි කියලා කියන්න ඕනේ නිසා. එකම වෙනස මේ සදහා අපි භාවිතා කරන්නේ joblay.com කියන වෙබ් අඩවිය. මේ ක්‍රමය ඉතාම කෙටියෙන් තමයි කීවේ. කැමතිනම් පොඩ්ඩක් මොලේ කල්පනාකරලා ටැස් කොරලා බලන්න.

ඇලට්පේ ගැන කියනකොට තවත් සතු‍ටුදායක කාරනාවක් තියෙනවා කියන්න. ඔයාලාට පුලුවනි ඉස්සරහට ඇලට්පේ මුදල් ලංකාවේ ATM වලින් රුපියල් කරන්න.

Introducing Alertpay VISA Card 


More info!
Available Countries
(බයවෙන්න එපා ආසියාවේ අශ්චර්යයත් ඇතුලත් වෙලා තියෙන්නේ. මං අර කලින් කිව්වේ, වවාගෙන කන රට!! :P )

මේ වීසා කාඩ් එකට මුලින් වැයවෙන්නේ $20ක්. ඊට පස්සේ අපිට පුලුවනි ඇලට්පේ එකේ තියෙන මුදල් කාඩ් එක හරහා ලංකාවේ ඕනෙම VISA ලකුන තියෙන ATM එකකින් එලියට ගන්න.

මට මේ ඇලට්පේ කාඩ් කතාව මුලින්ම යාලුවෙක් ඊමේල් එකකින් එව්වේ, ඒ ධම්මික මැදගම කියන යාලුවායි.

Fiverr කුප්පිය

 ලිපියක් ලියනකොට ‍ෆිවර් ගැනනම් නොකියාම බෑ. "ඔබද ලක්ෂපති මමද ලක්ෂපති" කියන නමින් ඉස්සරෝම දාපු ‍ෆිවර් කුප්පිය පටන් ගත්තා මතක ඇති. දැන් කියන්න යන්නේ මමයි ලක්ෂපති කියලා.  මොකද ‍ෆිවර් වල වැඩ කරන්න පටන් ගත්ත දවසේ ඉදලා මමනම් දැනට ‍ෆිවර් ගිනුම් 10කට වැඩි ප්‍රමානයක් ආං බාං කලා. වෙන වෙනම ඒ ‍ෆිවර් ගිනුම් සියල්ලේම screenshot එක බැගින් මං මෙතන දාලා තියෙනවා. කැමතිනම් ගිහින් බලන්න.
http://iplusblog.weebly.com/my-fiverr-payments.html

ඔක්කොම එකවුන්ට් වල එකතුව $1000 කට වඩා එනවා. දක්ෂයෙකුට ‍ෆිවර් කියන්නේ ඉෂ්ඨ දෙවියෙක් වගේ කෙනෙක්. තවත් මේ ලිපිය කියවන කෙනෙක් ඉන්නවානම් ‍ෆිවර් එකේ වැඩ කරන්නෙ නැති, එයාට මං මොනවා කියන්නද කියලා මටම තේරෙන්නේ නෑ.

හැමෝම හොයන්නේ මෝඩ ලේසි ක්‍රම. ඒවාට තව නමකුත් දාගන්නවා "රහස් ක්‍රම" කියලා. හොයන්නේම  ලේසි වැඩ. චුට්ටක් මහන්සිවෙලා $4ක් හොයනවාට වඩා කැමතියි එක ක්ලික් එකක් දාලා හම්බෙන $0.001 ගන්න. අනේ මංදා ඉතින්. කවුරුත් දන්නවානේ දැන් දැන් පොඩි මිනිහාට ජීවත් වෙන්න අමාරුයි. අධිවේගී මාර්ග හැදුවාට ඒවායේ යන්න මිනිස්සු කාලා ඇදලා කෙලින් ඉන්න එපායෑ.

මං මේ ආන්ඩුවට බනිනවාවත් සංවර්ධනේ නරකයි කියනවාවත් නෙවෙයි. මගේ අදහසනම් අනුන්ගේ රෙස්පට් වලට, බලපුලුවන්කාරකම් වලට අත්පුඩි ගහ ගහා ඉන්නේ නැතිව තමන්ට මොනවා හරි කර ගන්න බලන්න ඕනේ කියලා.  මේ ලිපිය කියවන ඔයා තාමත් ඉගෙනගන්න වයසේ පසුවෙන කෙනෙක්නම් කොහොම හරි හොදට ඉගෙනගෙන, කාලා ඇදලා ඉන්න ඕනේ නම් විද්‍යා විශයක් ‍තෝරාගෙන උසස් පෙල කරලා අඩුම තරමේ SSS ක් වත් දාගෙන. හොද රස්සාවක් අල්ලාගන්න. ඒ සියල්ල කරන අතරේ මෙන්න තියෙනවා අමතර ආදායම් ලබන ක්‍රම. ඇත්තටම අපි කොච්චර වෙහෙසෙනවා කීවත් කොම්පීතරේ වෙනුවෙන් අපි කරන්නේ ඇගිලි ටික හොල්ලන එක විතරනේ.  ඉතින් ඇගිලි හොල්ලලා සල්ලි ගොඩක් හොයන්න තියන අති සාර්ථකම ක්‍රමය ‍ෆිවර් විතරයි.

 අපි හිතමුකෝ පෙපැල් සල්ලි ගෙන්නාගන්න හරිහමන් විදියක් ඇත්තේම නෑ කියලා. එතකොට පුලුවනි ඒ මුදල් වලින් වටිනා යමක් ගෙන්නලා අපිට මෙහේ විකුනන්න. ලාභ තිබුනත් නැතත් අපිට වියදම් වූ පෙපැල් මුදල රුපියල් ලෙස ලංකාවෙන් ලැබෙනවානම් එච්චරයිනේ. මේ කීවේ මට හිතෙන හැටි විතරයි. ඔයාගේ අදහස මීට හාත්පසින්ම වෙනස් වෙන්න පුලුවනි.

 හරි අපි ආයේ කුප්පියට බහිමු,  2012 වසරේ ‍ෆිවර්හි ආපු අලුත්ම දේ තමයි fiverr levels. ඉතින් මේ අලුත් දේ ගැනත් මට තේරෙන හැටියට පොඩ්ඩක් ලියන්න හිතුවා. fiverr levels කියන්නේ ගිග් වැඩි ප්‍රමානයක් විකුනනකොට ඒ විකුනන ප්‍රමානය අනුව අපිට ලැබෙන පදක්කමක් වගේ දෙයක්. පොලීසියේ තනතුරු පදක්කම් හා උසස්වීම වලින් මනිනවා වගේ. ‍ෆිවර් වෙලෙන්දාගේ දක්ෂකම මේ fiverr levels වලින් විදහා දක්වනවා. මේක සිංහලෙන් රූපයකින් පැහැදිලි කරන්නම්.

මොනවද මේ Gig Extras

 සමහර ගිග් වල යටින් මෙන්න මේ වගේ අමතර දෙයක් තියෙනවා දැකලා ඇති. 
Level එකකට උසස් වීම් ලැබූ ඕනෑම වෙලෙන්දෙකුට මේ අමතර සේවාව පවත්වාගෙන ගිහින් වැඩි ආදායමක් උපයාගන්න පුලුවනි.

Extras ගිග් එකකට දාන්නේ මෙහෙමයි. ගිග් එක හදනකොට පහලම තියෙනවා "Add Gig Extras" කියලා බොත්තමක්. 
අන්න ඒ බොත්තම ඔබලා අපට ලැබෙන නව කො‍ටුවේ අපේ අමතර සේවාව සදහන් කල හැකියි. ඒ කො‍ටුවේ සදහන් කරන්නේ I will කියන මුල් වචන දෙකට ගැලපෙන විදියටයි හොදේ.
 ෆිවර් එකේ වැඩ කරගෙන යනකොට මං දැක්කා බොහොම උත්සාහවන්ත ලංකාවේ කොල්ලෙක්.  ඒ වගේම හැමෝම නටන නාඩගම් වලට වඩා වෙනස් නාඩගමක් මෙයා නටනවා. හැමදාම අලුත් දෙයක් කරන මිනිස්සු දියුනුවෙනවා. මෙතන මේ ‍ෆිවර් ගිනුමේ අයිතිකාරයා ඉන්නවාද කියලානම් මං දන්නේ නෑ. ඒත් එළ භාන්ඩ ටිකක් හයර් කරලා තියෙනවා වගේ පේනවා.  සිරාවටම කියනවානම් මේ ‍ෆිවර් වීඩියෝ දැක්කාම මට ඇද අස්සේ රිංගන්න හිතෙනවා, ලැජ්ජාවේ පන යනවා. http://fiverr.com/asokarox

Featured වෙන්නේ කොහොමද?

Featured කියන ලාංඡනය දාපු ගිග් ඕන තරම් දැකලා ඇති. ඉතින් මේ Featured වෙන්නේ කොහොමද කියලා කියන්න හිතුවා. Featured  වුනාම අපේ ගිග් එක ‍ෆිවර් අඩවියේ මුල් පි‍ටුවල දිස්වෙනවා. එතකොට අපිට වෙළාදාම ජයටම කරගෙන හොද ආදායමක් ලබාගන්න පුලුවන්. මේ ලාංඡනය ලබාගන්න ප්‍රධාන සාධක දෙකක් බලපානවා.

1. යම්කිසි විශය ක්ෂේත්‍රයකට ව්ශේෂ දක්ශකම් දැක්වීම
2. තමා විකුනන හැකියාව අන් අය ලග දුලභ වීම (එකම සේවාව ලබාදෙන ගිග් ප්‍රමානය අඩුවීම)

ඉතින් මෙන්න මේ කරුනු කාරනා දෙක නිවරදිව සම්පූර්ණ කරගත්තොත් ඕනෙම කෙනෙකුට Featured ලාංඡනයක් ගන්න පුලුවන්.  හැබැයි ඒ ලාංඡනය බොහොව විට හම්බෙන්නේ එක් විශයකට අදාලව එක්කෙනෙකුට විතරයි. උදාහරනයක් කීවොත් ඉහත eBook Cover නිර්මානය කරන කෙනාට විතරයි. තවත් eBook Cover නිර්මානය කරන අය කොච්චර හිටියත් එයාල මෙයට වඩා දක්ශ වුනත් නැතත් ආයේ වෙන කාටවත් හම්බෙන්නේ නෑ. මේකට ටිකක් වාසනාවත් බලපානවා.
ගිහින් එන්නම්,

ඔබට ජය!

( මෙම ලිපියෙහි පූර්ණ අයිතිය iPlus blog කතෘ සතුවේ)


PayPal, Fiverr, eMoney සහ තවත් ලට්ට පට්ට | බෝතලය #2

ඔන්න අද ආවේ දෙවෙනි බෝතලයත් අරගෙන. අමතරව කියන්න වෙනත් ඕපාදූප මුකුත් නැති නිසා කෙලින්ම කුප්පි වලට බහින්නම්.

PayPal කුප්පිය

පේපැල් ගැන කීවට පේපැල් සහ ලංකාවේ බැංකු ගැනයි කියන්න යන්නේ. ගොඩක් අය පේපැල් වෙරිෆයි කිරීමට භාවිතා කරන්නේ HNB & Sampath Visa නේ. ඒ නිසා ඒකෙන්ම කථාවට බහින්නම්.

HNB Visa ඩෙබිට් කාඩ් පත ගැන

ඔයාලා පෙපෑල් වෙරිෆයි කිරීමට මේ ඩෙබිට් කාඩ් පතක් ගන්නවානම්, මේ දේවලුත් දැන කියාගෙන තියෙන එක හොදයි. අපි බැංකුවට ගිහින් කියන්නේ නෑ මම හොර පේපැල් එකක් හදලා තියෙන්නේ. ඒකෙන් සල්ලි මේ කාඩ් එකට දාන්නයි අරගෙන යන්නේ කියලා. කාඩ් එකට සල්ලි එයි නේද? අහුවුනොත් මොකද වෙන්නේ? මේවා කියන්න එපා. එහෙම කීවොත් සිකුරුටි මහත්තයා ඔයාව පොලෝසියට ඇදගෙන යාවි.
HNB එකේ දැනට තියෙන්නේ එකම එක Visa කාඩ් පතක්. ඒ නිසා අපි කියන්නේ ඉතිරිකිරීමේ ගිනුමකුයි, ඩෙබිට් කාඩ් එකකුයි හදලා දෙන්න කියලා. එහෙම කීවම එයලා පෝරම තුනක් දෙයි. එකක් කාඩ් එකට, අනික ඉතිරිකිරීමේ ගිනුමට, අනික ආදායම් විස්තර තියෙන පෝරමය.

මේවා එක්ක සාමාන්‍යයෙන් දෙන්නේ නැති පෝරමයක් තියෙනවා. ඒක තමයි ඔන්ලයින් එකවුන්ට් එකක් සෑදීමේ පෝරමය. මේ ඔන්ලයින් එකවුන්ට් එකෙන් ATM එකකට නොයා, අපේ ගිනුමේ ශේෂය ඔන්ලයින් දැනගන්න පුලුවන්. මේ පෝරමයත් මතක් කරලා ඉල්ලාගන්න. මේ ඔන්ලයින් එකවුන්ට් එක ඇක්ටිව් වෙන්න සති දෙකක් විතර යනවා කියලයි බැංකුවෙන් කීවේ. https://www.hnb.lk/about_ibanking.html

ඒ වගෙම Hatton National බැංකුව ඒ වෙලාවේම බැංකු ගිනුමත්, ඩෙබිට් කාඩ් එකත් අපේ අතට ලබා දෙනවා. Debit කාඩ් එක ඇක්ටිව් වෙන්න දින දෙකක් හෝ තුනක් යනවා. මට මෙච්චරකල් තිබුනේ සම්පත් ගිනුම්. ඔන්න මමත් HNB ගිනුමක් හදාගත්තා. ගිනුමටයි කාඩ් එකටයි ඔක්කෝටම ගියේ රු. 2000යි. සමහරුනම් කියනවා කාඩ් එකට වෙනම රු.300ක් ගන්නවා කියලා. ඒත් මගෙන් නම් ගත්තේ නෑ.

HNB කාඩ් එක පේපැල් වලටා දාපුවාම පේපැල් කෝඩ් එක බැංකුවට එවනවා. සම්පත් බැංකුවේනම් එසැනින් කෝල් එක දාපු ගමන් අපිට අපේ PayPal කෝඩ් එක දෙනවා. ඒත් හැටන් නැෂනල් එකේ දින දෙකක් යනවා මේ කේතය බැංකුවට එන්න. අපිට බැංකුවෙන් PayPal කෝඩ් එක ගන්න වෙන්නේ කාඩ් එක පේපැල් වලට දාලා දින දෙකකින්. HNB Card Center: 011 2671955

මේ ඩෙබිට් කාඩ් එක බැංකු ගිනුමත් එක්ක සම්බන්ද කරලයි තියෙන්නේ. කාඩ් එකට එන මුදල් ගිනුමේ තැන්පත් වෙනවා. පහල දාලා තියෙන්නේ මං අද ගත්ත HNB කාඩ් එකේ රූපයක්. ඔයාලාට පේනවා ඇති VISA ලකුන තියෙන පැත්තේ උඩින් International Debit කියලා ගහලා තියෙනවා. ඒ කියන්නේ මේ කාඩ්පතින් ලෝකේ ඕනෑම ගෙවීමක් කරන්න පුලුවන්. ලෝකේ ඕනෑම VISA ලකුන තියෙන ATM එකකින් සල්ලි ගන්නත් පුලුවන්. මට මේ HNB කාඩ් එක ගැන ඉගෙනගන්න උදව් කලේ, නාලක ප්‍රසාද් කොලුවා සහ slbloggs කොලුවා. ඒ දෙන්නාට බොහොම ස්තූතියි!
නාලක ප්‍රසාද් කොලුවා එවපු ඊමේල් එකෙන් වැදගත් කොටසක් පහලින් දාන්නම්. ඔයාලටත් ඒක ගොඩක් වැදගත් වේවි.

"මචන් මේකයි විස්තරේ අද කොල්ල කාඩ් එක ගත්තනම් කොල්ලට බැංකු පොතයි, කාඩ් එකයි, තව සීල් කරපු ලියුම් කවරෙකුයි(මේකෙ ඇතුලෙ තමයි කොල්ලගෙ default card pin එක තියෙන්නෙ) ලැබුනනේ. කාඩ් එක දැනටමත් ඇක්ටිවි වෙලා තියෙන්නෙ. ඒ කියන්නේ කොල්ලට town එකට ගිහින් ATM එකකට ඔක දාල කොල්ලගෙ ගිණුමෙන් මුදල් ගන්න පුලුවන්. සමහර අය කියනවා කාඩ් එක ATM එකට දාල තමන්කැමති PIN එකක් සෙට් කන්නම ඕනෙ කියල කාඩ් එක ඇක්ටිව් වෙන්න. ඒක බොරුකතාවක් මචන්. කොල්ල කැමතිනම් කොල්ලට කාඩ් එක ගන්නකොටම ලැබුනු PIN එක උනත් බාවිතා කරන්න පුලුවන්. නැත්නම් ඉඩ තියෙන වෙලාවක ATM එකට ඕක දාල දැනට තියෙන PIN එක ගහල තමන් කැමති PIN එකක් දාගන්නත් පුලුවන්.

හැබැයි මචන් කාඩ් එක තාම අන්තර්ජාල ගණුදෙනු සඳහා ඇක්ටිවි වෙලා නැහැ. කොල්ලා ඒ සඳහා ඉල්ලීමක් කරන තාක් කාඩ් එක අන්තර්ජාල ගණුදෙනු සඳහා ඇක්ටිවි වෙන්නේ නැහැ. ඒ ආරක්ෂිත‍ හේතු මත. ඉතින් මචන් උබ පේපැල් එකට කාඩ් එක ලිංක් කරන්න කලින් කාඩ් එක අන්තර්ජාල ගණුදෙනු සඳහා ඇක්ටිවි කරගන්නම අවශ්‍යයි. නැත්නම් පේපැල් පිස්සු නටනවා. මේ සඳහා කොල්ලා HNB කාඩ් සෙන්ටර් එකට කොල් කරලා කියන්න ඕනෙ මට අන්තර්ජාල ගණුදෙනු සඳහා කාඩ් එක ඇක්ටිවි කරගන්න ඕනෙ කියලා. මම නම් මචන් කාඩ් එක එක්ස්පයර් වෙන දිනය දක්වාම ඇක්ටිව් කරගත්ත. කොල්ලට ඕනෙනම් සතියකට, මාසෙකට උනත් ඇක්ටිවි කරගන්න පුලුවන්. නැවත ඇක්ටිව් කරගන්න ඕනෙ උනත් කරන්න තියෙන්නෙ පොඩි පහේ කෝ‍ල් එකක් දෙන එක විතරයි මචන්. අපරාදෙ කියන්න බැහැ පට්ට ස්පීඩ් සර්විස් එක මචන්. HNB කාඩ් සෙන්ටර්  එකේ දුරකථන අංකය කාඩ් එකේ ඉදිරිපස පහලින් තියෙනවා(011-2671955). මෙකෙදි කොල්ලගෙ අනන්‍යතාවය තහවරුකරගැනීමට. තමන්ගේ සම්පූර්ණ නම, කාඩ් අංකය, වගේ තොරතුරු ටිකක් අහයි ඒනිසා කොල්ලා ඒටික ලඟ තියාගෙන කොල්එක ගන්න."

හැබැයි මං බැංකුවට කෝල් කරපුවාම කීවා, කාඩ් එක අරගෙන දවස් තුනක් ඉවසන් ඉන්න ගිනුම ඇක්ටිව් කරනකන් කියලා.

Sampath ඩෙබිට් කාඩ් පත් ගැන

 පේපැල් වෙරිෆයි කිරීම සදහා අපිට භාවිතා කරන්න පුලුවන් Sampath Web Card එක පමනයි. මේ වෙබ් කාඩ් එකකට ඉල්ලුම් කරලා සති දෙකකින් ගෙදරට ලියුමක් එවනවා කාඩ් එක ඇවිල්ලා තියෙන්නේ අරන් යන්න ලගම ශාඛාවට එන්න කියලා. කාඩ් එක අරන් ඇවිල්ලා පේපැල් වලට දාපු ගමන් කෝල් කරලා PayPal කෝඩ් එක ඉලාගන්න පුලුවන්.මට මේ වෙබ් කාඩ් එක ගන්නකොට මගෙන් අය කලේ රු.2000යි.

තව ගොඩක් අය දන්නේ නැති දෙයක් තියෙනවා. HNB කාඩ් එකට වගේම මේ සම්පත් වෙබ් කාඩ් එකටත් මුදල් withdraw කරන්න පුලුවන්. PayPal වලින් Withdraw  කරන මුදල් වීසා කාඩ් එකට වැ‍ටුනත් වීසා කාඩ් එකේ සල්ලි එහෙමම තියෙනවා ඇරෙන්න බැංකු ගිනුමකට බැරවීමක් වෙන්නේ නෑ. අපිට ඕනේ නම් පුලුවනි වෙබ් කාඩ් එක "සම්පත් විශ්ව" කියන බැංකු ගිනුමක් එක්ක ලින්ක් කරන්න. එතකොට අර HNB කාඩ් එක වගේම එයාලා අපිට ඔන්ලයින් ගිනුමක් හදලා දෙනවා, වෙබ් කාඩ් එකෙන් අන්තර්ජාතික ගනුදෙනු කරන්න.

සම්පත් බැංකුවේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිනුමකටත් දෙනවා Visa ඩෙබිට් කාඩ් පතක්. ඒත් ඒක අපිට පේපැල් වලට දාන්න බෑ. ඒ වගේම අන්තර්ජාතිකව ගනුදෙනු කරන්න බෑ. එකෙන් පුලුවන් ඉතිරිකිරීමේ ගිනුමේ තියෙන මුදල් ඕනේම VISA ලකුන තියෙන ATM එකකින් එලියට ගන්න විතරයි. මං මේ කියන කතාන්දර නිකන් ඉන්න ගමන් මට හිතුන ඒවා නෙවෙයි. සම්පත් බැංකුවෙන්ම අහලා දැනගත්ත ඒවා.
Sampath Card Center: 011 2300604

Standard Chartered බැංකුව ගැන

මේ බැංකුවත් පේපැල් සදහා අමුතුම ආකාරයේ කාඩ් එකක් දෙනවා. මේක Credit කාඩ් එකක්. ඒ කියන්නේ පෙර ගෙවුම් කාඩ් එකක් නෙවෙයි. පසු ගෙවුම් කාඩ් එකක්.  මේකට එන මුදල් අපිට රුපියල් කරලා ලංකාවෙන් ගන්න පුලුවන්. Online Banking කරන්නත් පුලුවන්. මගේ අතිජාත මිත්‍රයාට VCC එකක් හොයා ගන්න බැරිවුනානේ. ඊට පස්සේ එයා මේ කාඩ් එකක් හදාගෙන. අවුරුද්දට යම් මුදලක් කාඩ් එකට ගෙවන්න ඕනේ. මොකද මේක ණය කාඩ් පතක්නේ. මීට වඩා විස්තරනම් මම දන්නේ නෑ. Hotline: 0112 480 480

Fiverr කුප්පිය

මගේ ආදරනීය Fiverr ගැනත් පොඩ්ඩක් කියන්න හිතුවා. ඒකේ වැඩකරන හැටිවත් එහෙමත් නැත්නම් ඈනුම් යන විස්තරයක්වත් නෙවෙයි කියන්න යන්නේ. මං fiverr ට්‍රයි කරන කාලේ ඊබුක්කු කීපයකින් හොද දැනුමක් ලබාගත්තා. ඒවා ඔයාලටත් දෙන්නයි හදන්නේ.

Money On Fiverr

මේ ඊබුක්කුවේ fiverr ගැන මුල ඉදන් සරලව තියෙනවා. ඊට අමතරව කොහොමද twitter followers බිස්නස් එක කරන්නේ කියලා තියෙනවා. ඒ කියන්නේ ඔය fiverr එකේ ඉන්න ගොඩක් වෙලෙන්දෝ twitter followersලා විකුනනාවානේ. 500 followers, 1000 followers විදියට. අන්න එහෙම කරන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර තියෙනවා. හැබැයි මාර කේස් එක කියන්නේ, මට මේක තාම අල්ලා ගන්න බැරිවුනා. කියලා තියෙන දේවල් නොතේරෙනවත් නෙවෙයි. ඒත්.... අනේ මංදා. මේක කියවලා හොදට තේරෙන කෙනෙක් කැමතිනම් මටත් කියලා දෙන්න.
Download Money On Fiverr pdf 1MB:
http://www.box.com/s/z8aud5yvotbb6lp0lqo7

Fiverr Fast Cash

මේ ඊබුක්කුවේ තියෙනවා කොහොමද ඩිසයින් බැරිව ඩිසයින් වැඩ කරන්නේ කියලා. ඒ කියන්නේ පොටෝෂොප්, ඉලස්ට්‍රේටර් වගේ දේවල් දන්නේ නැති වුනත්, ආදේශක සරල මෘදුකාංග මගින් ඩිසයින් වැඩ කරන හැටි.
Download Fiverr Fast Cash pdf 800KB:
http://www.box.com/s/vs5q5lgc4sh0lxqvktx2

eMoney කුප්පිය

 මීට කලින් කියලා නැති වෙබ් අඩවියක් හදුන්වා දෙන්නයි යන්නේ. මට මේ වෙබ් අඩවිය ගැන කීවේ සාගරය බ්ලොක්කය ලියන තරංග දර්ශන කොලුවා. ඒ කොලුවාට බොහොම ස්තූතියි!

මේ වෙබ් අඩවිය තමයි videobb.com .  මේ වෙබ් අඩවිය නිකන් YouTube වගේ වෙබ් අඩවියක්. එකම වෙනසකට තියෙන්නේ. වීඩියෝව බලන ප්‍රමානය අනුව අපිට සල්ලි හම්බෙනවා. ලක්ෂ, කෝට් ගනන් හොයන්න බැරිවුනත්, PTC පස්සේ දුවනවාට වඩානම් ආදායමක් හොයන්න පුලුවන්. Referral Program  එකකුත් තියෙනවා. ඒකෙන් අමතර 25% ගානේ හොයන්නත් පුලුවන්. මුදල් ගෙවන්නේ මෙහෙමයි. Alertpay සහ පේපැල් වලට $20 පිරුනාම withdraw කරන්න පුලුවන්. 

දැන් හිතනවා ඇති, උබනම් කියයි; ලංකාවේ ඉන්ටනෙට් මාර ස්පීඩ් හින්දා අප්ලෝඩ් කොරන්නේ කොහොමද කියලා. අපි අපේ Bandwidth එක විනාස කරගෙන වීඩියෝ අප්ලෝඩ් කරන්න ඕනේ නෑ. අපි මේකෙත් කරන්නේ රිමෝට් අප්ලෝඩ්. මතක ඇති අපි අර filesonic වල කලේ.  YouTube වැනි අඩවි වලින් රිමෝට් අප්ලෝඩ් කරන්න පුලුවන්. Youtube වලින් රිමෝට් අප්ලෝඩ් කරන්නේ මෙහෙමයි.



මුදල් හොයන්න පටන් ගන්න ඉස්සරලා මතක් කරලා Settings වල ඔයාගේ ඇලට්පේ හෝ පේපැල් ලිපිනය සදහන් කරන්න.

ලිපිය අහවර කරන්නයි යන්නේ. මං ලිපිය මුලින් කීවේ අද HNB කාඩ් එකක් ගත්තා කියලා. ලිපිය ඉවර කරන දවස ඒ කියන්නේ අදට කාඩ් එක අරන් දවස් තුනයි. පේනවානොවැ තියෙන කම්මැළිකොම.

ගිහින් එන්නම්,
ඔබට ජය!

( මෙම ලිපියෙහි පූර්ණ අයිතිය iPlus blog කතෘ සතුවේ)


Adsense, eBay, PayPal සහ තවත් ලට්ට පට්ට | බෝතලය #1

0
අද කුප්පි දෙක තුනක් එකතු කරලා බෝතලයක් දාන්නයි යන්නේ. මෙතෙක් කල් දාගෙන ආපු කුප්පි දැන් සෑහෙන දුරට ඉවරයිනේ. එක අතකට ඉවරවුනු එකත් හොදයි, හෙට අනිද්දාට ගෙදරින් එලවයිද කියන්නත් බෑ නොවැ. :P ඔන්න එහෙනම් කුප්පි දාගෙන දාගෙන දාගෙන යන්නම්.

Adsense කුප්පිය

කුප්පියක් කීවට කතාන්දරයක් තමයි කියන්න යන්නේ. ඔන්න එකෝමත් එක දවසක මං ඇඩ්සෙන්ස් ගිනුමක් මිලදී ගත්තා. මිලදී අරගත්තේ, ලංකාවේ අපට ඇඩ්සෙන්ස් ගිනුමක් ගූගල්ගෙන් ඉල්ලාගන්නවා කියන්නේ ඉබ්බාගෙන් පිහා‍ටු ගන්නවා වගේ නිසා. ඒ මිලදී ගත්ත ගිනුමෙන් ඉතින් ඔන්න හා.. හාපුරා කියලා ඇඩ්ස් දැම්මේ, iPlus Blog එකට, Ad පෙන්නන්නේ නෑ. සිංහලනේ. ඊටපස්සේ දැම්මා මගේ බ්ලොග් ටෙම්ප්ලේට් තියෙන බ්ලොක්කයට. අන්න ඒකේනම් එලට වැඩ. ඊටපස්සේ දැම්මා moviecrux.com කියන මගේ ‍AVI ෆිල්ම් තියෙන බ්ලොක්කයට. ඒ බ්ලොක්කය හැදුවේ ඇඩ්සෙන්ස් ඉලක්ක කරගෙනමයි. දවස් කීපයකින් ඒකේ ඇඩ් පෙන්නන එක disable කරලා තිබුනා. ඒ ‍AVI ෆිල්ම් දෙන එක නීති විරෝදී නිසා. ඒ හින්දා ඒ බ්ලොක්කය අතහැරලා දැම්මා.


ඊට පස්සේ සැපෙන් සතුටෙන් අර බ්ලොග් ටෙම්ප්ලේට් තියෙන එක විතරක් කරගෙන ගියා. බලාගෙන හිටියා, හිටියා සල්ලි හම්බෙන්නේ නෑ. හිතුවා පොඩි කපටි වැඩක් කරන්න. ඒ මගේ අතිජාත මෝඩ මිත්‍රයා දුන්නු අදහසකට අනුවයි. ඌත් අනිවාර්යෙන්ම මේ ලිපිය කියවනවා ඇති. ඌත් මෝඩයි, මාත් මෝඩයි නිසා දෙන්නාගේ අදහස් හොදට ගැලපෙනවා. :P

මගේ ඇලට්පේ එකේ මුදල් ටිකක් තිබුනා, ගෙව්වා microworkers එකට. දැන් ඔබපියව් මගේ ඇඩ් කියලා ජොබ් එකක් පෝස්ට් කලා. International, Google Search + Click 2x කියන ක්‍රමයට තමයි ජොබ් එක පෝස්ට් කලේ, දැන් හිට්ස් එනවා හෝ... ගාලා. Speed එක සෙට් කලේ 10ට. එතකොට දිනකට ඇඩ් ක්ලික්ස් 20ක් විතර අනිවා එනවා. දැන් ඉතින් ඉතින් මාර Happy. දැන් visiters ලා එනවාට වැඩියෙන්, Ad clicks වැටෙනවා. අන්න ඒකට මගේ මෝඩ මොලේ කල්පනා කරලා යෝජනා කලා ක්‍රමයක්. ඒ පැලෑන් එක මෙහෙමයි, iPlusBlog එකට iframe එකක් දාලා ඉංග්‍රීසි බ්ලොක්කය අමුනනවා, එතකොට ඒකෙන් impressions වැඩිවෙනවා, microworkers එකෙන් ක්ලික්ස් වැටෙනවා. සමහරවිට ඔයාලා දකින්න ඇති ගිය දවස් ටිකේ මේ බ්ලොක්කයට උඩින් තවත් ඉංග්‍රීසි බ්ලොක්කයක් ලෝඩ් වුනා. හැබැයි මේ වැඩේ හරිම ලාභයි. microworkers එකේ $20 ක් වැයකරනකොට ඇඩ්සෙන්ස් වලින් $100ක් හම්බෙනවා. දැන් මේක කියවන ඔයත් හිතනවාද දන්නේ නෑ, ඉදපං මමත් දෙනවා වැඩේ කියලා. ඉතුරු ටික අහපුවාම වැඩේ දෙන්න හිතෙන්නේ නැතිවෙයි.

දැන් ඔහොම ඉද්දී ඇඩ්සෙන්ස් වල $100 පිරෙනකොටම, ගිනුම උන් Suspend කලා. හෆොයි අල්ලපු අත්තත් නෑ, පයගහපු අත්තත් නෑ. දැන් මේකෙන් තේරුම්ගන්න ඕනේ මේකයි, අපි ඇඩ්සෙන්ස්ට හොර වැඩක් කලොත් ඒක අපිට එවෙලේම පලදෙන්නේ නෑ. එයාලාගේ අවම Withdraw ලිමිට් එක $100යි, අන්න ඒක පිරුනාමායි උන් අපෙන් පලිය ගන්නේ.

මං මේ කතාව කීවේ ඔයාලාගේ දැන ගැනීම පිනිස. $100 නැතිවුනා, එහෙමත් නැත්නම් ඇඩ්සෙන්ස් ගිනුම නැතිවුනා කියන්නේ මට වහ කන්න තරම් දෙයක් නෙවේ. ඔන්න ඔහේ ඕන එකක්. ඒකත් අත්දැකීමක්නේ.

ඔයාලා කවුරුහරි හොර වැඩක් කරනවානම් මේ හොර වැඩේ නැතිව, වෙනත් විදියක් කල්පනා කරලා කරන්න හොදේ. හරිගියොත් අපිටත් කියන්ඩෝ............:P

මෙන්න මෙතන කොලුවෙක් කියලා තියෙනවා ඇඩ්සෙන්ස් ගිනුමක් ගන්න විදියක්. කැමතිනම් ට්‍රයි කරලා බලන්න.  


http://lkbuzz.blogspot.com/2011/11/quickly-active-google-adsense-account.html

eBay කුප්පිය

eBay කීවට eBay ගැනම නෙවෙයි කියන්න යන්නේ, eBay Selling ගැන. ඒ කියන්නේ eBay ගැනම තමයි. හැමෝම හදන්නේ ලේසියෙන් දියුනුවෙන්න, ඒ වගේම ලේසියෙන් සල්ලි හොයන්න. eBay Selling මම කරන්නේ නෑ, මම දන්නෙත් නෑ. දන්නේ ටිකයි, ඒ දන්න ටික කියන්නම්. eBay Selling ලංකාවේ අපිට කරන්න බෑ. ඒ නිසා ඒ වැඩේ හොරටයි කරන්න ඕනේ. පිටරටක විදියට පේපැල් ගිනුමක් තියෙන්න ඕනේ, ඒරටේම විදියට eBay ගිනුමකුත් තියෙනවානම් හොදයි. ඒත් පේපැල් සහ eBay ගිනුම් දෙකේ රටවල් දෙක වෙනස් වුනා කියලා ගැටලුවක් නෑ. ඉස්සර වගේ නෙවෙයි, දැන් ක්‍රෙඩිට් කාඩ් එකක් eBay එකට ඇතුලත් කරන්න ඕනේ. Telephone නම්බරයක් වෙරිෆයි කරන්නත් ඕනේ, ඒකට ඒ රටේ විදියට නම්බරයක් තියෙන්න ඕනේ, ඒ කියන්නේ පිටරට යාලුවෙකුගේ සහය පතන්න ඕනේ.

eBay Selling කරන්න කලින් eBay Buyer කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ Selling කරන ගිනුමෙන් බඩු මුට්‍ටු මිලදී අරගෙන තියෙන්න ඕනේ. IP නම්බර ඒ eBay ගිනුම හදන රටේ විදියට වෙන්න ඕනේ.

eBay Selling කරන යාලුවෙක් මට හම්බවුනා, එයා කීවේ එයාගේ චීන යාලුවෙකුගේ මාර්ගයෙන් ඒ සියලුම දේවල් හදාගත්තා කියලා. එයා චීන IP නම්බරකින් eBay එකට ලොග් වෙනවා කියලත් කිව්වා. කරන්නේ DropShipping කියලත් කීවා. Techඅදියා කියලා තියෙන විදියට අහසින් වැ‍ටුනා වගේ ඊබොක්කට රිංගපු ගමන් Selling කරන්න දෙන්නේ නෑ කියලාත් කිවා.

මේ කරුනු සියල්ලම හොයාගත්තේ එක එක්කෙනාගෙන් අහලා දැනගෙන සහ අන්තර්ජාලයේ සෙවීමෙන්. "eBay කුප්පිය" මේ කොටස සංවාදයට විවෘතයි. මේ ගැන අදහස් උදහස් තියෙනවානම් දක්වලා යන්න. eBay Selling හරියට දන්න කෙනෙක් ඉන්නවානම්, ලෝබ හිතන්නේ නැතිව ලිපි පෙලක් ලියන්න. ඔයාට ලැබෙන ප්‍රමානය දිනෙන් දින වැඩිවෙනවා මිසක් අඩුවෙනවා නෙවෙයි.

PayPal කුප්පිය

පේපැල් ගැන කියන්න දෙයක් තියෙනවා. ඒ US, UK විදියට පේපැල් ගිනුම් හදන්න ඕනේ කියලා යන රාවය නිසා. Malaysia, Indonesia, Philippine විදියට පේපැල් ගිනුම් හදනකොට අපිට Nationality යන්නට SriLanka කියලා යොදන්න පුලුවන්, ඒත් වෙනත් කිසිම රටක විදියට පේපැල් ගිනුම් හදනකොට ඔය Nationality කියලා එකක් ‍තෝරන්නවත් එන්නේ නෑ, බැරිවෙලාවත් අපේ පේපැල් ගිනුම Limit වුනොත් අපිට අපේ පාස්පෝට් එක පෙන්නලා අපේ පේපැල් ගිනුම ලබාගන්න පුලුවන්. මොකද අපිට කියන්න පුලුවන් මම ලංකාවේ කෙනෙක්, මැලේසියාවේ පදිංචිවෙලා ඉන්නකොටයි පේපැල් ගිනුම හැදුවේ කියලා. මේ ඔක්කොම කියන්න පුලුවන් Nationality: Sri Lanka තිබුනොත් පමනයි. මේ ගැන සවිස්තරව මං පේපැල් කුප්පිමාලාවෙන් කියලා දීලා තියෙනවා.

US, UK විදියට හැදුවාම ගැටලු කිහිපයක් තියෙනවා. එකක් තමයි, Limit කලොත් නැවත් ගිනුම ලබාගන්න බැරිවීම. (යම් අවස්ථාවක මුදල් ගෙවීම් පිලිබද පැමිනිල්ලක් වාර්තා වුවහොත් තමාගේ පේපැල් ගිනුමේ අයිතිය හා පදිංචිය තහවුරු කලයුතුයි. මේ සදහා ID Card Copy, DHL Reports, Bank Statements, Bills හා වෙනත් ඔවුන් ඉල්ලන සියලු දේ අප විසින් සැපයිය යුතුයි නැතහොත් අපේ පේපැල් ගිනුම Limit කරනවා, එවිට Send & Withdraw කිරීම අවලංගු වෙනවා. මෙය සම්පූර්ණ ගිනුම අවලංගු කලා හා සමානයි.)

අනෙක තමයි $100 ක ගනුදෙනු කල පසු අනිවාර්යයෙන්ම වෙරිෆයි කල යුතුයි (කාලයෙන් කාලයට $100යේ මුදල වෙනස් වේ). එම වෙරිෆයි කිරීමේදී වීසා හෝ මාස්ටර් කාඩ් පතක් සමග US/UK බැංකුගිනුමක් ඇතුලත් කිරීම අනිවාර්යයයි. අපිට කොහෙන්ද US බැංකුගිනුම්? VCC එකක් දාපුවාම verified කියලා පෙන්නුවත් $100යේ ලිමිට් එක අයින් වෙන්නේ නෑ. මීට ගොඩක් කාලෙකට ඉස්සර ඔය UK/US බැංකු ගිනුම් දාන්න වුවමනාවක් වුනේ නෑ. බැංකු ගිනුම් දාන කේස් එක ආවේ ලගදී. සමහරවිට මේ ක්‍රමය කියලා දෙන කෙනා $100ක් තියා ඩොලර් දෙක තුනකවත් ගනුදෙනු කරලා තියෙනවාද කියන්න මං දන්නේ නෑ. ඒත් ඇත්ත කතාව මේකයි. ඔයාලා මං කියන දේවල්වත් වෙන අය කියනදේවල්වත් පිලිගන්න ඕනේ නෑ. කරලාම බලන්න. එතකොට ඉවරයිනේ.
ඔන්න උඩ තියෙනවා $100 ලිමිට් එක පනින්න ඕන්න-මෙන්න තියෙන එකවුන්ට් එකක්. මේක මට එව්වේ මගේ අතිජාත මිත්‍රයා. එයාගේ තියෙන්නේ මැලේසියන් ගිනුමක් . VCC MARKET එකේ අයිතිකාර මෝඩයා දැන් VCC විකුනන්නේ නෑලු. ඒ නිසා මූට VCC එකක් තාම හොයාගන්න බැරිවෙලා. VCC එකක් ගන්න විස්වාසවන්ත තැනක් තියෙන කෙනෙක් කියන්න හොදේ.

Fiverr කුප්පිය - Express Gigs

ෆිවර් ගැනත් පොඩ්ඩක් කියන්න හිතුවා.  Fiverr කුප්පිය #3න් පිස්සු හැදෙන ගිග් එකක් හැදුවානේ. එහි Time-frame යන්නට 1 දාපුවාම Express Gig එකක් වෙනවා. ගිග් එක හදපුගමන් Express Badge එක වැටෙන්නේ නෑ. පලවෙනි ඕඩර් එක අපි පැය 24ක් ඇතුලතදී deliver කරලා, ඒකට Positive Feedback එකක් ආපු ගමන් Express Badge එක වැටෙනවා. Express ගිග් විකිනෙන සම්භාවිතාවය බොහොම වැඩියි. මොකද ඕකට ගොඩක් එන්නේ හදිස්සිකාරයෝ නිසා. බැරිවෙලාවත් Express Badge එක වැ‍ටුනු ගිග් එකක ඕඩර් එකක් වුනත් අපිට  පැය 24ක් ඇතුලතදී ඉවරකරලා දෙන්න බැරිවුනොත්, එකේ Express Badge එක නැතිවෙලා Time-frame එක automatically 2 වෙනවා. 

Express නැති ගිග් වුනත් නියමිත කාලයේදී අපට සම්පූර්න කරලා දෙන්න බැරිවුනොත් අමතර පැය 24ක කාලයක් අපිට ලැබෙනවා. එතකොටත් බැරිවුනොත් Order Cancel වෙනවා. අපි අමතරව ලබාගන්නා කාලයට අනුව Time-frame එක වැඩිවෙනවා, Time-frame එක වැඩිවෙනවා කියන්නේ ඕඩර් ලැබීමේ සම්භාවිතාවය අඩුවෙනවා කියන එක.
එනවයි එනවයි කීවට තාම නෑ. මං කීවේ රිසල්ට්.:P
ගිහින් එන්නම්,
ඔබට ජය!

( මෙම ලිපියෙහි පූර්ණ අයිතිය iPlus blog කතෘ සතුවේ)


ClickBank මගින් මුදල් උපයන හැටි | ClickBank කුප්පිය #4



මේක ClickBank ගැන ලියන අන්තිම ලිපිය. මේකෙන් කියන්නේ අර අපි කලින් හදාගත්ත ටොපි සුද්දන්ට කවන්න විවිධ ක්‍රම සහ විධි ගැනයි. ගොඩක් අය හිතුවට මේවා විහිලු වැඩ කියලා, ඒ අයගේ අවබෝදය මදිකම මිස වෙන දෙයක් නෙවේ. eMoney ගැන රහ වැ‍ටුනම තේරෙයි. මේකේ ගොඩක් දුර යන්න පුලුවන්. ගූගල් එකේ "How to Earn Online" කියලා සර්ච් කරලා හෙම්බත් වෙලත් නැතෑ. හේතුව මොකුත් නෙවේ, එක් ක්‍රමයක් අහුවුනොත් ඒක හැමෝටම කියලා වර්චස් කරගත්තොත් ඒ හොයාගත්තු කෙනාටත් ඒකෙන් ප්‍රතිලාභයක් ගන්න බැරිවෙනවා. මොකද, ඔලුව දාගන්න දුන්නාම, ඇගත් දාගන්න මිස්සුනේ ඉන්නේ. ජංජාලේ මිල මුදල් සෙවීම ගැන මම ගොඩක් හොයලා බලලා තියෙනවා. කඩ්ඩ ගොඩක් බැරිවුනත්, ලියලා තියෙන දේ තේරුම් ගන්න බැරිකමක් නෑ. අපි බලමුකෝ. මං හිතුනොත් ලිපි ටිකක් දාන්නම්. මේවා ඉතින් වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටෙන වැඩ. හරි කමක් නෑ, කතාවට බහිමු,


මෙන්න මම යෝජනා කරන ක්‍රම;

01. Discussion boards/ forums
02. Facebook/ Twitter and Other Social Networks
03. බ්ලොගයක් හෝ වෙබ් අඩවියක් මගින්


01. Discussion boards/ forums

මේක භාන්ඩ විකුනා ගැනීමට තියෙන සුපිරිම ක්‍රමයක්. ඔබට තියෙන්නේ මේ අඩවි වල රෙජිස්ටර් වෙලා, ලිපි ලියන්න හෝ කොමෙන්ට් දාන්න. මොනවා හරි ගැන ලිපියක් ලියලා, අන්තිමේට අපේ භාන්ඩය ගැන පොඩි විස්තරයක් ලියලා ලින්ක් එක දානවා. එහෙමත් නැත්නම් වෙන කවුරුහරි ලියලා තියෙන ලිපියකට කොමෙන්ට් එකක් දානවා. මේකට අපි තුන්වන ලිපියේ හදාගත්තු ටොපිය හොදටම ප්‍රමානවත්. මම නිර්දේශ කරනවා මේ වෙබ් අඩවි;
http://forums.digitalpoint.com/
http://www.squidoo.com/
http://hubpages.com/
http://answers.yahoo.com/
http://www.blackhatworld.com
http://www.neowin.net/forum/
http://forums.ivillage.com/
http://boards.askmen.com/
http://forum.triphp.com/


02. Facebook/ Twitter and Other Social Networks

ට්විටර් භාවිතාකරලා ටොපිය බෙදාහරින හැටි 3 ලිපියේ කීවානේ. ඒ වගේම තමයි ෆේස්බුක් හා වෙනත් සමාජ ජාලා වෙබ් අඩවි වලත් කරන්නේ. මේකට වෙනම එකවුන්ටස් හදාගත්තොත් හොදයි. ඒ කියන්නේ ලංකාවේ යාලු ම්ත්‍රයෝ නැති සුද්දෝ විතරක් ඉන්න එකවුන්ට්. ෆෑන් පේජ් හදාගැනීමත් හොදයි.


03. බ්ලොගයක් හෝ වෙබ් අඩවියක් මගින්

මේකට එල වැඩක් තියෙනවා. ClickBank මගින් දීලා තියෙනවා, අමතර පහසුකමක්. ඒකට කියන්න HopAd Builder කියලා. ඒකෙන් එයාලා පහසුකම් සලසනවා විජෙට්‍ටුවක් විදියට අපේ ලින්ක්ස් ටික හදාගන්න. මේකේදී අපි දෙන්න ඕනේ Keywords විතරයි. ඒ වැඩේ කරන්නේ මෙහෙමයි,රූපයේ තියෙන විදියට කරපුවාම හරි,

පියවර 1
 පියවර 2
* A - වම් පැත්තේ 1,2,3 දාලා තියෙන කො‍ටු පුරවපුවාම ඒ අනුව දකුණු  පැත්තේ 1,2,3 දාලා තියෙන කො‍ටු පිරවෙනවා.
* B - වෙබ් අඩවියට හෝ බ්ලොක්කයට ගැලපෙන ලෙස විජෙට්‍ටුවේ පෙනුම හදාගන්න පුලුවන්
* C - මෙමගින් ඔබ සැදූ විජෙට්‍ටුවේ, HTML කෝඩ් එක ලබාගන්න පුලුවන්.

ClickBank ලිපි පෙල අවසානයි. කැමතිනම් අදහසක් දාලා යන්න. ඔබට ඇතිවෙන ඕනේම ගැටලුවකදී මම ඉන්නවා. පොඩි හරි ගැටලුවක් තියෙනවානම් අහන්න. ජංජාලේ ඇතිවෙන ඕනේම ගැටලුවකට tplus.cx.cc එන්න. මීට අමතරව තව ඔබ දන්නා link promotion tips  තියෙනවානම් හැමෝටම දැනගන්නත් එක්ක කියලා යන්න.

( මෙම ලිපියෙහි පූර්ණ අයිතිය iPlus blog කතෘ සතුවේ)


ClickBank මගින් මුදල් උපයන හැටි | ClickBank කුප්පිය #3

 
 
නිවරදිව ගිනුමක් හදලා, HopLink හදාගන්න හැටි දක්වා අපි කතාකලා. දැන් මූලික දේවල් ඉවරයි. දැන් අපි හදන්නේ සුරංගනා කතා කියලා, අපි ‍තෝරගත්ත භාණ්ඩය සුද්දෙකුගේ කරේ ගහන්න.අපි හදන්නේ Twitter හරහා මේක සයිබරයට බෙදාහරින්න. මුලින්ම මේ කරුණු අපි දැනගන්න ඕනේ. Twitter හරහා බෙදා හරින්න පුලුවන් අකුරු 140ක ලිපියක් විතරයි. ඒ හින්දා අපේ සුරංගනා කතාව අකුරු 120 කට විතර සීමා කරන්න ඕනේ. මොකද, ලින්ක් එකටත් අකුරු 10ක් විතර තියාගන්න එපාය.

මම මුලින් කීවා ගූගල් එකෙන් ලින්ක් එක ෂෝර්ට් කරන්නේ කියලා. ඒ අපිට කී දෙනෙක් අපේ ලින්ක් එක හරහා ගියාද කියලා බලගන්න පුලුවන් නිසා. ඔය රතු පාට ලින්ක් එක කොපි කරලා url shortner හි පේස්ට් කරලා ලිපිනය කෙටි කරගන්න

දැන් අපි හදන්නේ සුරංගනා කතාව ලියන්න. අපි අර මුලින් සර්ච් කරලා භාණ්ඩයක් ‍තෝරගත්තනේ. එතන තියෙනවා ඒක ගැන පොඩි විස්තරයක්. ඒකෙන් ලස්සනම ටික අපි උපුටාගන්නවා. උපුටලා ඇරන් අකුරු ගාන 120ක් වෙන්න හදාගන්නවා. 
1යි 2යි කියලා ගනන් කරන්න අමාරු නිසා මං දෙන්නම් පොඩි වෙබ් පේජයක්. ඒක ඩවුන්ලෝඩ් කරලා ඩෙස්ක්ටොප් එකේ තියාගන්න. ඕනේ වෙලාවට ඒක ඕපන් කරලා අකුරු ගාන ගනන් කරගන්න. මෙතනින් බාගන්න.

දැන් අර ලින්ක් එකත් පේස්ට් කරලා අකුරු ගාන ගනන් කරගන්න. පේනවනේ මං දැන් අකුරු 135ක එල ටොපියක් හදාගෙන තියෙනවා. ඔන්න දැන් ටොපිය කවන්නයි යන්නේ
දැන් Twitter වලට ලොග් වෙලා ඔබ හදාගත්තු ටොපිය යාලුවන්ට බෙදාදෙන්න. වැඩේ වැඩියෙන් රස ටොපි කවලා, වැඩි වැඩියෙන් උපයන්න. ඔබත් මේ විදියට ලින්ක් එක ප්‍රසිද්ද කරන්න තව තව අලුත් ක්‍රම හිතලා බලලා යෝජනා කරන්න.

මේක ඔබේ වෙබ් පි‍ටුවට දාන්න හොද ක්‍රමයකුත් තියෙනවා. ඒ වගේම මං අලුතින් හිතපු තව ක්‍රමත් තියෙනවා. බය වෙන්න එපා, දන්න හැම දේම අපේ එවුන්ට කියලා දෙන්නම්. ඒ වගේම Tips And Tricks ටිකකුත් තියෙනවා. තව ගොඩක් ලිපි මේ ගැන ලියන්න අදහසක් නෑ. තව එක ලිපියක්, වැඩිම වුනොත් දෙකක්  ClickBank ගැන ලියන්න වෙයි.

අලුතින් පුන්ච් පහේ Tech සපෝට් එකකුත් පටන්ගත්තා, ඔය උඩ සයිඩ් බාර් එකේ ඒ ගැන විස්තර ඇති. අපි නැවත අලුත් දෙයකින් හමුවෙමු

( මෙම ලිපියෙහි පූර්ණ අයිතිය iPlus blog කතෘ සතුවේ)


ClickBank මගින් මුදල් උපයන හැටි | ClickBank කුප්පිය #2

අපි පලමු ලිපියෙන්; අවශ්‍ය කළමනා ටික ලැස්ති කරගෙන, සර්ව සම්පූර්ණව ගිනුම් හදලා, ClickBank කියන්නේ මොකක්ද? ඒකෙන් කීයක් උපයන්න පුලුවන්ද යන මූලික තොරතුරු ටික කතාකලා.

සමහරුනම් තෘප්තිමත් වෙන්න නැතිව ඇති, මොකද; ගිනුමක් නොමිලේ හදාගන්න එක මහ ලොකු දෙයක්ද කියලා. මේ ලිපි විවිධ වයස් පරතරවල අය කියවනවා, ඒ හැමෝටම තේරෙන්න කියලා දෙන්නත් එපායැ. අද තමා වැදගත්ම ලිපිය. ඒ නිසා සැලකිල්ලෙන් කියවන්න. ගැටලුවක් තියෙනවානම් අහන්න. මං කියන්නේ කොමෙන්ට් දාලා යන්න කියලා නෙවේ. ඒත් ඔබලා මේ ලිපිවලින් ප්‍රයෝජනයක් ගත්තද, මං කියන අණ්ඩර දෙමළ පාඨකයින්ට තේරුනාද කියලා දැනගන්නේ දාලා යන කොමෙන්ට් වලින්. තාක්ශණික තොරතුරු, මිලමුදල් ගැන ලිපි ලියන්නේ මට තියෙන වාසියකට නෙවේ. ඒකාකාරි බ්ලොග් කලාවට අලුතින් යමක් එකතුකරන්න හිතාගෙන. ඒ වගේම පාඨකයිනුත් මේ ලිපි ගැන උනන්දුවක් දක්වන නිසා. මේවා ඉතින් වැරදි විදියට දකින අයත් ඉන්නවා. මම නම් විශ්වාස කරන දෙයක් තමයි, මේ ලෝකේ අලුත් දෙයක් කරපු මිනිස්සු ඉස්සරහට ගියා, අනෙක් අය මග හැලුනා. ඔබ කොයි ගොඩේද කියන එක ඔබම හිතලා බලන්න.


එහෙනම් අපි වැඩේට බහිමු.

ClickBank මගින් කරන දේ ගැන මූලික හැදින්වීමක් කරන්නම්. ClickBank කියන්නේ eBay වගේ කඩයක්. ඒ තරම්මනම් භාණ්ඩ නෑ. ඒත් සෑහෙන භාණ්ඩ තොගයක් තියෙනවා. අපි කරන්නේ අපි විකුණන්න කැමති භාණ්ඩයක් ‍තෝරනවා. ඊට පස්සේ ClickBank මගින් අපට රෙෆෙරෙල් ලින්ක් එකක් ඒ භාණ්ඩය සදහා හදලා දෙනවා. ඒක ඒ අය හදුන් වන්නේ Hop Link කියලා. අපි ඒ ලින්ක් එක මගින් පාරිභෝගිකයන් යවලා මිලදීගැනීම් කලොත් අපට කොමිස් එකක් හම්බෙනවා.

පලමු ලිපියේ කියපු විදියට හැමදේම ලක ලෑස්ති කරගන්න ඇති කියලා හිතනවා. ඉතුරු ටික පියවර ක්‍රමයට විස්තර කරන්නම්.

පියවර 1
ඔබේ ClickBank ගිනුමට ලොගින් වන්න


පියවර 2
Marketplace වෙත යන්න

පියවර 3
සයිඩ් බාර් එකෙහි Categories මගින් ඔබ විකිනීමට කැමති භාණ්ඩය ‍තෝරන්න. මම Computers / Internet කියන ලින්ක් එක ‍තෝරන්නම්. දැන් එන රිසල්ට් එකෙන් ඔබ විකිනීමට කැමති භාණ්ඩය ‍තෝරන්න
   
ඔන්න මං එකක් ‍තෝරගත්තා. මිල දාලා තියෙනවා $20.01 යි කියලා.  

පියවර 4
මුලින්ම ලා නිල් පාට ලින්ක්  එක ක්ලික් කරන්න
අලුතෙන් පේජයක් එයි. ඒකේ යටම මිලක් දාලා තියෙනවා
බලන්නකෝ.  

$29.99 ක්. මෙන්න පොයින්ට් එක නිවරදි ගාන $20.01 යි. විකුණන්නේ $29.99 ට ඒ කියන්නේ $9කට වැඩි ගානක් අපේ පොකට් එකට. වැඩේ ලාබයි නේද?

පියවර 5 
පියවර 3 හි රෝසපාට ලින්ක් එක ක්ලික් කරන්න. දන් පොප් අප්
පේජයක් එයි. මෙහි නිල් පාට ලින්ක් එක ක්ලික් කරන්න

පියවර 6
දැන් මේ වගේ පේජයක් ලැබේවි
රතු පාටින් ලකුනු කරලා තියෙන ලින්ක් එක මේ භාණ්ඩයට අදාල අපේ රෙෆරල් ලින්ක් එක. කොල පාටින් පෙන්වලා තියෙන්නේ ඔබේ වෙබ් අඩවියට ඇතුලත් කල හැකි HTML කෝඩ් එක. ඒක පස්සට තියමුකෝ.


දැන් මේ රතු පාට ලින්ක් එක මගින් ඇවිත් කෙනෙක් මේ භාණ්ඩය මිලදී ගත්තොත් ඔබට අර කලින් කීව කොමිස් එක හම්බෙනවා. මේ ලින්ක් එක අපි දැන් බෙදා දෙන්න ඕනේ සයිබරයට. අපි මේ ලින්ක් එක ඕං ගනින් කියලා දුන්නාට මිනිස්සු මේවා මිලදී ගන්නේ නෑ. මේවාට සුපිරි ක්‍රම තියෙනවා. අපි අනිත් ලිපියෙන් ඒ ගැන බලමු. මං කියලා දෙන්නම් කොහොමද බටර් ගාලා, අයිසින් දාලා මේ ලින්ක් එක බෙදන්නේ කියලා. අනෙක් ලිපියෙන් හමුවෙමු. මේ කියපු ටික හොදට තේරුම් ගන්නකෝ. මෙතනින් එහාට තියෙන්නේ හිනාවෙවී බලන් ඉන්න.

( මෙම ලිපියෙහි පූර්ණ අයිතිය iPlus blog කතෘ සතුවේ)


Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King