Sunday, November 1, 2015

oDesk ගැන වැඩිදුර යමක් | eMoney කුප්පිය #6

මෙහෙම ලිපියක් මම ලියන්නනම් හිතාගෙන හිටියේ නෑ. ඒත් ලියන්න වුනා. ඒකට එක හේතුවක් තමයි කොච්චර කොව්වා කීවත් oDesk අසාර්ථක අය ගොඩක් සිටීම. තව හේතුවක් තියෙනවා. ඒක අන්තිමේට කියන්නම්. මම oDesk ගැන දන්න හැමදේම කලින් ලිපිවලින් ලීවා. ඒත් මගහැරුන පොඩි පොඩි කාරණා එකතු කරලා මේ ලිපිය ලියන්නයි හදන්නේ. මේ ලිපිය Q & A විදියට ලියන්නම්. එතකොට ඔබේ ගැටලුවටත් ඉක්මන් උත්තරයක් ලැබේවී.

රස්සාවක් ඉක්මනට හොයාගන්නේ කොහොමද?

උදාහරනෙකින් කියන්නම්. මේක බ්ලොග් ලියන අය නම් දන්නවා. අපි අලුතින් ලිපියක් ලියලා දවසක් විතර යනකන් අපේ බ්ලොග් දිහා බලාගෙන ඉන්නවා නේද? ඒ මුකුත් නෙවේ, page views වැඩිවෙලාද? කොමෙන්ට් දාලාද? ලිපිය හොදයිද? කියලා නේද? ඒ වගේම තමයි ජොබ් එක oDesk එකට ලබාදෙන කෙනත්, එයාගේ ජොබ් එක පෝස්ට් කරලා දින දෙක තුනක් යනකන් ටච් එකේ ඉන්නවා. ඒ දින දෙක ඇතුලත තමාගේ හිතට අල්ලන කොලුවෙක් හම්බුනොත් රස්සාව ඌට දීලා දානවා.
ඒ නිසා අපි හැමවෙලේම ඉල්ලුම් කරන්න ඕනේ අලුත් ජොබ් වලට, ජොබ් එකක් සර්ච් කරනකොට "Newest Jobs First"යන්න ‍තෝරන්න.

මං ඇරෙන්න තව කීදෙනෙක් ඉල්ලුම් කරලදැයි බලන්නේ කොහොමද?

අපි කැමති රස්සාව සර්ච් කරලා. ඒ ලින්ක් එකෙන් ගියාම, Job Description එකේ මේ සියලුම තොරතුරු අඩංගු වෙනවා. නිල් පාටින් වර්ණ ගන්වා ඇති කොටස බලන්න. . මේකේ හැටියටනම් 358ක් ඉල්ලුම් කරලා. ඒ වගේම වරහන් ඇතුලේ (avg $4.98 )යන්නෙන් කියන්නේ, ඉල්ලූ ගාස්තුවල මධ්‍යන අගය. මේ රස්සාවටනම් ඉල්ලුම් කරලා වැඩක් නෑ. 358ක් එක්ක $5කටනේ ෆයිට් එක. "Interviewing:" කියන්නේ කීදෙනෙක් ongoing ඉන්නවාද කියන එක. ඒ කියන්නේ වළ පයයි, ගොඩ පයයි තියාන ඉන්න ගාන. රස්සාව දෙන්න කලින් අයිතිකාරයා මේ අය හොදයිද කියලා ටෙස්ට් කරනවා. ඒ වගේම වරහන් ඇතුලේ (avg $4.01 )යන්නෙන් කියන්නේ, applicantsලා ඉල්ලූ ගාස්තුවල මධ්‍යන අගය. මේ රස්සාවට ඉල්ලුම් කරනවානම් ඔය avg එකට ටිකක් අඩුවෙන් ගාන දාන්න.

Job Description එකේ තියෙන අනෙකුත් තොරතුරු මොනවාද?

FeedBack Score: මේක අපි කලින් ‍රැකියා සාර්තකව කරලා, නිමකරලා තියෙනවානම් ‍රැකියාව ලබාදෙන්නා විසින් ලබාදෙන සහතික පත්‍රයක් වගේ. මේක වැඩිවුනොත් පට ගාලා ‍රැකියාව හම්බෙනවා.
Hourly Rate: පැයකට අපවිසින් අය කරන මුදල
Test Passed: පාස් වී ඇති විභාග ගනන
English Level: ඉන්ගිරීසි දැනුම. (අපි Profile එක පුරවනකොට 4යි කියලා දැම්මේ)
oDesk Hours: වැය කල හැකි පැය ගනන

මේ ‍රැකියාවට ඉල්ලුම් කරනවානම් මේ අවශ්‍යතා සියල්ල සපුරා තියෙන්න ඕනේ.

ඉල්ලුම් කරන හැම ‍රැකියාවම Declined වෙනවනේ?

මේක ඉතින් හැමෝටම පොදු දෙයක්. ඔහොම තමයි. වැටි වැටී නැගිටින්න ඕනේ. ‍රැකියා 10කට ඉල්ලුම් කලොත් 1 හෝ 2ක් පමනක් තමයි ලැබෙන්නේ. සමහර වෙලාවට එකක්වත් නෑ.


දැන් කියන්න යන්නේ මං මේ ලිපිය ලියන්න දෙවන හේතුව, දෙවන හේතුව කොමෙන්ට් එකක්. පට්ට කොමෙන්ට් එකක්. පට්ටම පට්ට කොමෙන්ට් එකක්. මගේ බ්ලොග් එකට මෙතෙක් කල් ලැබුන හොදම කොමෙන්ට් එක,

මේ කොමෙන්ට් එක anonymous කොමෙන්ට් එකක්. පස්සේ කීවා එයාට "තරුන මහතා" කියලා ආමන්ත්‍රනය කරන්න කියලා, නමනම් බොහොම කැතයි තමයි. නම කොච්චර කැත වුනත් උගේ හිත හොදයි. කියවීමේ පහසුවට මේ කොමෙන්ට් එක මං මෙතන උපුටලා දක්වන්නම්;

February 9, 2011 1:08 PM

Anonymous said...
මල්ලි ඔයගෙ මේ ලිපි ටික නම් මාරයි. ඔයා මෙ කරපු දේට පින් ඇතිවෙන්න ලැබෙන්න ඕනි, දැන් අපිට මාසෙකට අමතර ගානක් හොයගන්න විදියක් කියල දුන්නට.

ඔයගෙ මෙ ලිපියට තවත් ටිකක් එකතු කරන්න හිතුනා, කියවන අනිත් අයගේ දැනගැනීම පිනිස.
1.) මෙක පටන් ගන්නනම් හොඳ සන්නිවේදන හැකියාවක් තියෙන්න ඕනි, නැත්නම් සුද්ද ව අන්දන එක ලේසි නැහැ. (TEXT Chat කරන එක ලේසි උනාට Vedio chat කරන්නත් වෙනවා).

2.) මුලදිම ලොකු ගනන් වල වැඩ තෝර ගන්න එපා $ 5-10 වගෙ දෙන ඒව තෝර ගන්න. ( Fixed jobs)

3.) ඉන්දියන්, පිලිපීන් කාරයො තමයි Odesk එකෙ වැඩියෙන් ම ඉන්නෙ එයාල බොහොම අඩු ගානට වැඩ කරනව (හැබැයි Quality එක නම් එච්චර හරි නැහැ කියල Feedback Comments කියවල බැලුවහම තේරෙනවා, එ වගෙම උන් අඩු ගනන් දීල වැඩි වැඩ කරව ගන්නත් බලනව.)

4.) පුලුවන් තරම් සුද්දොන් ගෙ ජොබ් ම හොයන්න. උන්ට හිතට හරි ගියොත් හොඳට ගෙවනව.

5.) හොඳ Profile එකක් හදා ගන්න. Per Hour Rate එක මුලදි ලොකු ගනක් දාන්න එපා . අඩුම ගානකුත් දාන්න එපා. (AVG $ 2 - $3/hr)

6.) Odesk skill test කරන්න. (Ms Office, English etc )

7.) ජොබ් එකකට apply කරනකොට sample file එකක් අමුනල කරල දාන එක ගොඩක් හොඳයි.

a. MS Word formatting නම් තමන් format කරපු sample file එකක් attach කරන්න.
b. Excel Macro නම් තමන් කරපු Macro එකක් attach කරන්න.
c. එහෙම නැත්නම් එයා එවන Sample file එකෙන් 25% විතර කරල එක attach කරල යවන්න.

8.) තමන් බාරගත් වැඩේ හරියට කරන්න.( ලැබෙන ගාන ගැන හිතල එ වැඩේ නොසැලකිල්ලෙන් කරන්න එපා). හොඳ feedback එකක් (තරු 5) ගන්න පුලුවන් විදියට නිතරම වැඩ කරන්න. Employee -ve comment එකක් දැම්මොත් ඉතින් sorry තමා. එයාගෙ feedback එක අපිට පේන්නෙ අපි එයාට feedback දුන්නට පස්සෙ.

9.) සමහර වෙලාවට එයාල අපිව එක එක විදියට ටෙස්ට් කරනව. පුලුවන් තරම් ඉවසීමෙන් වැඩ කරන්න (අපිව "Hire" නොකර MS word file formatting කරන්න කියනවා)

10.) ටික ටික experience අරගත්තහම වැඩේ කොහොමද කරන්නෙ කියල තේරෙනව එ වගේම demand කරන්න ඕනි කොයි වගෙ තැන්වලද කියලත් තෙරෙනව. අපි හැමතනම ජොබ් කරල experience තිබ්බත් Odesk එකට අවහම ඒකේ කෝඩුකාරයෙක් නෙ ඒක නිසා ඒකෙත් ටික ටික experience හදාගන්න ඕනි . සල්ලි හොයන්න ඉවසිලි නැති උනොත් මේක කරන්න බැහැ. මුලදි ජොබ් එකක් හොයනව කියන්නෙ හරිම අමාරු වැඩක්.ජොබ් වලට Application දාලම එපා වෙනවා.
ඔය ටික මම ලීවෙ මම ලබපු අත්දැකීම් වලින්. ඔය ජොබ් එකක් හොයන්න වෙන අමරුව නේ ඊලග ප්‍රශ්නය අපි සල්ලි අතට ගෙන්න ගන්නෙ කොහොමද කියල.
1.) සල්ලි ලංකාවට ගෙන්වන ක්‍රම 2 ක් තියෙනව
a. Debit Card
b. Moneybookers - ලාබම ක්‍රමය, එයාල අපේ Bank එකක තියෙන Account (any type) එකෙකට දින 2 කින් විතර සල්ලි එවනව.

2.) මම ඔඩෙස්ක් එකෙන් හොයගත්තු සල්ලි ටික ලංකාවට ගෙන්න ගන්නකොට හීන වුනු ප්‍රමාණය පහළින් දක්වා ඇත.
a. $1 Odesk එක ගිල්ල ( for money transfer odesk to moneybookers)
b. $2.50 moneybookers ල කපාගන්නව ( for wire transfer to SL bank account)
c. රු 250 විතර ලංකාවෙ බැංකුවෙන් අරගන්නව

3.) මම මෙ ලීවෙ Commercial බැංකු වෙ තියෙන Account එකට සල්ලි එව්වොත් වෙන දේ.

4.) moneybookers ලට දෙන්නෙ swift code + ( Full bank account no)

5.) Swift code කියන්නෙ බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන unique code එකක්. එක බැංකුවෙන් ඉල්ල ගන්න පුලුවන්.
උත්සහ කරල බලන්න ODESK ජය ගන්න පුලුවන්.

TM said... මගෙ නම TM ( තරුණ මහතා ) කියල දාගන්න ,
අයෙ Comments ලියනකොට එක දාල ලියන්නම්.
තව එක දෙයක් ලියන්න අමතක උනා, මුලදිම Capcha type කරන්න නම් යන්න එපා Odesk එක එපා වෙනව, එ පොරවල් ගෙවන්නෙ 10000 ක්ම type කලොත් විතරයි නෙ, අනිත් එක රැ 11.00 විතර ඉඳල උදේ 5.00 විතර වෙනකම් වගෙ තමයි කරන්න පුලුවන් අනිත් වෙලාවට අම්බානෙට slow. අනිත් එක මොබිටෙල් වගෙ BB එකක් තිබ්බොත් බුදු ගානට මල තමා.

කොමෙන්ට් එක ඕනේනම් කියවන්න oDesk-4 ලිපියටයි මේක ලැබුනේ.

මෙහෙම කොමෙන්ට එකක් කවුරුත් දානවද? මං කොහොමද මේ කොලුවාට ස්තූති කරන්නේ. මට කියන්න වචන තියෙනවාද? අනේ මටනම් තේරෙන්නේ නෑ. ලංකාවේ ඉන්නේ කෑ පතේ රීලා යන මිනිස්සු. එහෙව් ගොඩේ මට මෙහෙම පුද්ගලයෙක් හම්බුනාමයි. බොහොම, බොහොම ස්තූතියි!

තරු බ්ලොග් සටහන බ්ලොග් එක ලියන කොලුවා oDesk ගැන ලිපි පෙලක් ලියන්න අරගෙන.
එයාගේ ලිපි ටිකත් උවමනාවෙන් කියවන්න. එතකොට මගහැරුනු යම් හෝ දෙයක් තියෙනවානම් ඒකෙන් අහුවේවි. කොහොම, කොහොම හරි කවුරු කවුරුත් තැනකට එනවානම් මම බොහොම කැමතියි.

තව දෙයක්, Remote Upload මගින් මුදල් හොයන හැටි කුප්පිය #2 හි, Rapid share භාවිතා කරලා upload කරන්න බෑ. ඒකට හේතුව, එකේ හොට්ෆයිල් වල වගේ අන්තිමට ඩවුන්ලෝඩ් ලින්ක් එකෙක් නොදී, ඩවුන්ලෝඩ් මැනේජරයෙන්ම අවසාන ෆයිලය ඕපන් වීම. එතකොට අපට ඩවුන්ලෝඩ් ලින්ක් එක කොපි කරගන්න විදියක් නෑනේ. දන්න කෙනෙක් ඉන්නවනම් අපි හැමෝටම දැනගන්නත් එක්ක කියලා යන්න.

http://www.xml4free.co.cc/ මගේ ඉංග්‍රීසි බ්ලොක්කය ඇඩ්සෙන්ස් ගත්තා. මේකට කැතම කැත හොර වැඩ තමයි කලේ, $5 කුත් වියදම් වුනා. හැමෝටම ඇඩ්සෙන්ස් අරන් දෙන්නම්කෝ, ඒ ගැන මීලග ලිපියෙන් බලාපොරොත්තුවන්න. මං කියන්නේ ඇත්තමද කියලා ඔය බ්ලොග් එකට ගිහින් බලන්නකෝ. ඇත්තටම ඇඩ්සෙන්ස්ද කියලා ඇඩ් එකක් ක්ලික් කරලම බලන්න.

( මෙම ලිපියෙහි පූර්ණ අයිතිය iPlus blog කතෘ සතුවේ)


oDesk මගින් මුදල් උපයන හැටි | oDesk කුප්පිය #5

මේ මගේ oDesk ලිපි මාලාවේ අවසාන ලිපිය. පලමු, දෙවන, තෙවන ලිපි වලට ගොඩක් ප්‍රතිචාර ලැබුනු නිසා හිතුවා අන්තිම ලිපියත් ඉක්මනට ලියලා දාන්න. අපි oDesk ගිනුමක් හදලා ‍රැකියා වලට ඉල්ලුම් කරන හැටි දැන් සක් සුදක් සේ දන්නවා. පහසුවෙන් කරලා ලොකු මුදලක් උපයන්න පුලුවන් ‍රැකියා ගැනත් දන්නවා. මම මේ ලිපියෙන් මගේ අත්දැකීම් ටිකක් විස්තර කරන්නම්.

ඇත්තම කීවොත් oDesk තාම මගේ පොකට් එක සතු‍ටු කලේ නෑ. ඒකට හේතුව මගේ තියෙන කම්මැලිකමයි, මෝඩකමයි නිසා. මම මාස ගානක් ඔට්‍ටු වෙලා ලබපු අත්දැකීම් ඔබලාට අඩු නැතිව කියලා දුන්නා.
ඒ කියපු කිසි දෙයක් වංචා සහගත ඒවා නෙවෙයි. මම ‍රැකියා ඉල්ලුම් පත්‍ර 10ක් දැම්මොත් අනිවාර්යෙන් 1ක් හරි හම්බෙනවා. ඒ ක්‍රමේ ඔබලාටත් කියලා දුන්නා. හම්බුනාට මට කරන්න හිතෙන්නේ නැති එකනේ ගැටලුව?

ඉස්සරෝම කලේ Article ලියන ‍රැකියාවක් එක මනුස්සයෙක් දාලා තිබුනා Bodybuilding ගැන Article 120 ක් ලියන්න. මම ඉල්ලුම් කලා. මට ලැබුනා. ඉස්සරෝම හින්දා මට වැඩි අවබෝදයක් තිබුනේ නෑ. ඒ වගේම මට පට්ට ඉංග්‍රීසි දැනුමකුත් නෑ. මට Bodybuilding තියා, අම්ම අප්පා ගැනවත් හරියට ඉංග්‍රීසියෙන් ලියාගන්න බෑ. ඉදපංකෝ දෙන්නම් වැඩක් කියලා Scibd හා වෙනත් ebooks අඩවි පීරලා හොයාගත්තා මරු ebooks ටිකක්. ඊට පස්සේ මොකද කලේ? pfd එකෙන් copy කරනවා. text ෆයිල් එකකට paste කරනවා. copy කරනවා paste කරනවා. මෙහෙම, මෙහෙම හැදුවා පට්ට ලිපි 30ක්.

ට පස්සේ oDesk හරහා සුද්දාට මං මෙහෙම ලිපියක් යැව්වා.
Sir/madam,
I have Finished 25% of your job. So Please Make 25% of full payment to my papal account. After You paid, I will continue for next 75%. (I Could be finish all of work within 4 days.)
PayPal ID: **********@yahoo.com
Thank You!
Personal Email: ************@gmail.com

ඊට පස්සේ පහුවෙනි දවසේ බලනකොට තමයි බොක්ක කූල් වුනේ. සුද්දා මෙහෙම කියාපි.

Sean faqto me,

Randunu, each article I checked FAILED copyscape.

Why are you giving me copied articles.
For instance
YOUR Article named - Exercise Descriptions Part 4
has 23 other copies of this on the web.
Why are you giving me other mens work?

I pay you, and all men for one good article, so see your work. And you give me ALL copied articles, from other men.

Why do you waste your and my time and give me copies? Why you trying to get over on us?

This is too hard for you?

අප්පට සිරි. වනේ වන හතුරෙකුටවත් මෙහෙම වෙන්න එපා කියලා හිතුනා. ඉස්සරෝම ‍රැකියාව හින්දා ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියේ. සුද්දා මට $120කට වඩා ගෙවන්න පොරොන්දු වෙලා තිබුනේ.

ඊට පස්සේ මම මෙහෙම කියලා නිකන් හිටියා.
sir/madam,
I'm Very sorry! I tried to give you best. I know, I got many data from some ebooks. but all of them not from ebooks. .You Will be right. This is too hard to me. I'm Sorry!

ඊට පස්සේ සුද්දා මෙහෙම කීවා,
Sean faqto me

This is not hard. Just work and you looking to cheat and steal, not really work. This is typical of men like you whom dont care what people think of other cultures, etc. You simply dont care for anything but yourself. Nothing else matter, but ones self.

god bless, I hope you grow, as I am sure you are very young. As only immature and young people wasting gods time like this.


අනේ දෙයියනේ ඇයි මටම මෙහෙම වුනේ..... පලමු වැනි ‍රැකියාවෙන්ම මට oDesk එපා වුනා. යකෝ බනිනවා කියලා මෙහෙමත් බනිනවාද?

ඒ කරුමේ එතනින් ඉවරවුනා ඒත් මේකගේ හොද කියන්නේ, $2 ක් oDesk ගිනුමට එවලා තිබුනා.

oDesk එකෙන් Paypal වලට සල්ලි මාරු කරනකොට $1ක් කැපෙනවා. කමක් නෑ මගේ පලමු ඊ මනියනේ කියලා Paypal එකට සල්ලි දාගත්තා. Paypal ලොග් වෙලා බලනකොට සල්ලි නෑ එතකොටනම් කොම්පූටරේ පොලොවේ ගහන්න හිතුනා. පස්සේ තමයි මතක් වුනේ Paypal ගිනුම Unverified කියලා. හිගන්නාගේ පාත්තරේට හෙනහුරා කඩාන වැටෙනවායි කියනවා වගේ මගේ පලමු ඊ-මනිය බහිරවයා ගිල්ලා.

ආයේ oDesk එකෙන් ලැබුනා Capcha ටයිප් කරන ජොබ් එකක්. ඒකත් කරන්න ඇරන් මගක් කරගෙන යද්දී එපා වුනා. Capcha 500ක් විතර ටයිප් කරලා නවත්වලා දැම්මා. සතියකට විතර පස්සේ ඒ සුද්දත් බැනලා බැනලා, $1ක් දීලා යන්න ගියා. පොරොන්දු වෙලා තිබුනේ $60ක්.

ඊට පස්සේ මට මෙහෙම හිතුනා. මං දැං ගිනුමක් හදලා, ‍රැකියා වලට ඉල්ලු කරන හැටි දන්නවා. ‍රැකියා ලැබෙන හැටිත් දන්නවා. ඒ නිසා දන්න දේ අනිත් අයට කියලා දීලා නිකන් ඉන්නවා කියලා. මොකද මං ඉන්ටනෙට් ගත්තේ ඊ-මනී හොයන්න. ඒත් ඒ සිහිනය බොදවෙලා ගියා.

මාත් එක්ක තරහවෙන්න එපා මෙහෙම කීවට. බ්ලොග් ලියන්නන් ගොඩක් අය කියන්නේ PTC ක්ලික් කරන්න, ක්ලික් කරන්න. එතකොට සල්ලි හම්බෙනවා, කියලා බටර් ගාලා රෙෆෙරෙල් ලින්ක් එක දීලා යනවා මිසක් වෙන ක්‍රමයක් යෝජනා කරන්නේ නෑ. මම හැමෝගෙන්ම ඉල්ලන්නේ දන්න දේවල් හැමොටම කියලා දෙන්න, ඒ වගේම මට මෙහෙම ලිපි පෙලක් ලියන්න හිතුනේ eBay කුප්පි මාලාව කියවලා. මොකද තමුන් දන්න දේ හැමෝටම බෙදලාදෙන අයත් ඉන්නවනේ කියලා. ඒ සහෝදරයටත් ඉස්තූතිවන්ත වෙනවා.

පුලුවන්නම් , කැමතිනම් විතරක් උදව්වක් කරන්න. මං ඉංග්‍රීසි බ්ලොක්කයක් හැදුවා. ඒකට ඇඩ්සෙන්ස් ගන්න ඇප්ලයි කරලා තියෙන්නේ. ඇඩ්සෙන්ස් හම්බෙනවා ට්‍රැෆික් එක වැඩිනම්. ඒ නිසා පහත ලින්ක් එකෙන් ඒ බ්ලොක්කයට විසිට් එකක් දාලා එන්න.

http://xml4free.blogspot.com/

oDesk ලිපි පෙල අවසානයි. මොකක් හරි ගැටලුවක් තියෙනවානම් කොමෙන්ට් එකක් දාලා යන්න.

( මෙම ලිපියෙහි පූර්ණ අයිතිය iPlus blog කතෘ සතුවේ)


oDesk මගින් මුදල් උපයන හැටි | oDesk කුප්පිය #4

පලමු පෝස්ට් එකෙන් අපි ගිනුමක් හැදුවා. දෙවන පෝස්ට් එකෙන් ‍රැකියා සදහා ඉල්ලුම් කලා. මෙන්න එහෙනම් තෙවන පෝස්ට් එක. ලේසි පහසු ‍රැකියා. මේක දෙවනුවට දැම්මානම් හොදයි කියා කෙනෙක් කියාවි. එහෙත් අපි ලබන අත්දැකීම් ගොඩක් වැදගත් වන හින්දයි. පුරුදු වෙන්නත් එක්ක ‍රැකියා ඉල්ලුම් කරන්න ඇරලා මේක තෙවන පෝස්ට් එකෙන්ම දැම්මේ. ඒ වගේම පලමු දෙවන පෝස්ට් වලට ප්‍රතිචාර දක්වා දිරිමත් කල සැමට ස්තූතියි!

අමතර විශේෂ හැකියාවක් අනවශ්‍ය පහසු ‍රැකියා

01. මේකේ කරන්න තියෙන ලේසිම ජොබ් එක capcha ටයිප් කරන එක.


වැඩේ කරන්නේ මෙහෙමයි. අපිව හයර් එකට ගන්න පුද්ගලයා දෙනවා User Name එකක් හා මෘදුකාංගයක්.  ඒකේ නම ttt2 ocrworker. අපි වෙබ් අඩවියක හෝ ලේසියෙන්ම කීවොත් බක්ස් අඩවියක රෙජිස්ටෙර් වීමෙදී අපට ටයිප් කිරීමට ලබාදෙන capcha  එක මතක ඇති. ඒ වගේ අකුරු ඇද, ඒ වගේම වචන දෙකකින් සමන්විත වාක්‍යක් අපිට මේ මෘදුකාංගයෙන් ලබාදෙනවා. ඒක ටයිප් කරන්න ඉඩක් පහලින් තියෙනවා. අපිට තියෙන්නේ ඒ ඉඩ තියෙන තැන ඒ වචනේ ටයිප් කරන්න. ටයිප් කරලා Enter ඔබනවා. එතකොට තව වාක්‍යක් ලැබෙනවා. මෙහෙම මෙහෙම දිගටම වාක්‍ය ටයිප් කරන්න ඕනේ.
මුදල් ගෙවන්නේ මෙහෙමයි.
10k කට $60; 1k= නිවරදි ඇතුලත් කිරීම් 1000
මේ ‍රැකියාව ඕනෙනම් Capcha typing, Image to text, jpg to text, Pdf to Word කියලා search කරන්න

02. Copywriting කියන්නේ හොද ඉංග්‍රීසි දැනුමක් තියෙන කෙනෙකුට කරන්න පුලුවන් ‍රැකියාවක්.
මේ ‍රැකියාවේ කරන්න තියෙන්නේ මෙහෙම දෙයක්. අපිට ඔවුන් ප්‍රසිද්ධ වෙබ් අඩවියක නමක් ලබාදෙනවා. ඒ කියන්නේ සී-නෙට්, සොෆ්ට්-පීඩියා, ටූ-කව් වගේ වෙබ් අඩවියක්. අපිට කරන්න තියෙන්නේ ඒ අඩවියේ පවතින ලිපි තමන්ගේ වචන වලින් නැවත ලියන්න. ඇත්තම කීවොත් මේ කියන්නේ අහුවෙන්නේ නැතිවෙන්න ලිපිය කොපි කරලා දෙන්න කියලා. හොදට ගෙවනවා. ස්ථීර මිලක් නම් සදහන් කරන්න බෑ. ඒත් වචන 100කට $1 ක් විතර ගෙවනවා. හැබැයි හොද, සුපිරි ඉංග්‍රීසි දැනුමක් තියෙන්න ඕනේ. ඔරිජිනල් ලිපියේ තියෙන කිසිම වාක්‍යක් නව ලිපියේ තියෙන්න බෑ. එහෙම තිබ්බොත් අහුවෙනවාමයි. හොර කරන්නනම් බෑ. හොර කරලා කාපු චාටර් මං වෙන ලිපියකින් කියන්නම්.

03. Article Writing මෙකටත් නම් හොද ඉංග්‍රීසි දැනුමක් ඕනේ.

‍රැකියා ලාබාදෙන්නා දෙනවා මාතෘකාවක්. උදා: dental, bodybuilding, health, exercise මේ වගේ බොහෝවිට විද්‍යාවට නැබුරු මාතෘකාවක් තමා ලබාදෙන්නේ. ඉතින් අපි කරුනු හොයාගෙන, විකිපීඩියා වගේ විශ්වකෝශ උදව් කරගෙන ලිපි ලියන්න ඕනේ. හැබැයි කොපි-පේස්ට් කරලානම් හරියන්නේ නෑ. මෙහෙම කියන්නේ කොපි-පේස්ට් කරලා නෝන්ඩි වෙලා තියෙන නිසා. අලුතෙන්ම ලියන්න ඕනේ. සාමාන්‍යයයෙන් Copywriting වගේම මේකටත් ගෙවනවා. හැබැයි මෙහෙම වැඩක් කරන්න පුලුවන්. ඉන්ට්නෙට් එකෙන් සර්ච් කරන්නේ නැතිව,  පුස්තකාලෙන්, හෝ වෙනත් මුද්‍රිත ලිපියකින් උපුටාගන්න පුලුවන්. මම මුලින් කීවේ කපටිකමත් ටිකක් ඕනේ කියලා. හැබැයි ටයිප් කරන්න කලින් ඒ විස්තර ඉන්ටනෙට් එකේ තියෙනවද හොයලා බලලා ටයිප් කරන්න. ඉන්ට්නෙට් එකේ නැත්නම් ඉතින් මල්ල කරේ. සාමාන්‍යයෙන් වචන 400 බැගින් වූ ලිපි 100ක් විතර එකවර ලියන්න ලබාදෙනවා. එතකොට ගෙවීම් මුලු එකතුව $100ක් විතර ගෙවනවා. ගොඩ නේද?

04. Customer Service & Support, Phone Support මේකට මයික් එකක්, වෙබ් කැම් එකක් සහ ඉංග්‍රීසි දැනුම ඕනෙ වෙනවා.

පලමුව ‍රැකියාව ලබාදෙන්නාගේ වෙබ් අඩවිය හොදට පීරලා, හොද අවබෝධයක් ඇරගෙන, ඔවුන්ගේ නීති රෙගුලාසි කියවලා වැඩේට බහින්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ හේඩ් ෆෝන් එක ගහගෙන, වෙබ් කැම් එක ඔන් කරගෙන බලාගෙන ඉන්න. සුද්දෝ කථාකරලා ඔවුන්ට එම අඩවිය ගැන තිබෙන ගැටලු යොමුකරාම, ඔබ ඒවා විසදලා දෙන්න ඕනෙ. මෙම ‍රැකියාව ලබාදීමට පෙර කොන්ත්‍රාත්තුව ලබාදෙන්නාගේ පාර්ශවයෙන් තිබෙන ඉන්ටෙවීව් එක ඔබ විසින් සමත්විය යුතුයි. ගෙවන්නේ පැය ගානට. සාමාන්‍යයෙන් පැයකට $6 ක් විතර ගෙවනවා.

05. Email Response Handling මේකත් එක්තරා විදියක Customer Service & Support එකක්.

පලමුව ‍රැකියාව ලබාදෙන්නාගේ වෙබ් අඩවිය ගැන හොද අවබෝධයක් ඇරගෙන ඊ-මේල් මගින් නැගෙන ගැටලු වලට පිලිතුරු සැපයීමයි කරන්න ඕනේ. මේක ටිකක් පහසුයි. දිනකට දෙවරක් තුන්වරක් ඉන්බොක්ස් එක බලලා රිප්ලයි කලාම ඇති. ගෙවන මුදල හරියටමනම් කියන්න බෑ. හැබැයි හොද ගානක් හම්බකරන්න පුලුවන් කියලානම් විශ්වාසයි.

මමනම් කියන්නේ මොකක්හරි Programming Language එකක් ඉගෙනගන්න. එතකොටනම් ගොඩේ ගොඩ. ගොඩක් ‍රැකියා තිබෙනවා. අනිවාර්යෙන් එක ප්‍රොජෙක්ට් එකකට $100 පන්නලා ගෙවනවා. හරි හමන් වැඩකාරයෙක් නම් දිනකට $100ක් විතර හොයන්න පුලුවන්.

ඒ වගේම හැමෝම හොයන්නේ ලේසි පහසු ‍රැකියා. ඒ කියන්නේ විශේෂ දක්ශතාවයක් නැතිව කරන්න පුලුවන් ‍රැකියා. ඒ නිසා එක ජොබ් එකකට දමන ඉල්ලුම් ප්‍රමානය වැඩියි. ඒ නිසා අපිට එය ලැබෙනවාට වඩා නොලැබෙනා සම්භාවිතාව වැඩියි. ඒකට ඉතින් කරන්න තියෙන්නේ මං අර කලින් කියපු විදියට ජොබ් ඉල්ලුම් පත්‍රය සිත්ගන්නා සුලු විදියට දාන්න.

ඒ වගේ නෙවෙයි වගේ Java, Flash ඉගෙන ගත්තනම් ඉල්ලුම් කරපු ගමන් ලැබෙනවා. අපිට තියෙන්නේ පුලුවන් ඉක්මනට එය කරලා දීලා මුදල් වගේම oDesk හි වැඩි ලකුනු ප්‍රමානයක් ලබා කැපීපෙනෙන කොන්ත්‍රත්කරුවෙකු වීමයි. එතකොට ඉතින් e-money සිහිනයක්ම නොවේ.
මං දන්නා හැමදේම කියලා දුන්නා. මොකක් හරි ගැටලුවක් තියෙනවනම් අහන්න. ඒ වගේම හොර බොරු වංචා නැති හොද කීර්තිමත් නම්ක් දිනාගත් කොන්ත්‍රත්කරුවෙකු වන්න. මගේ අන්තිම oDesk පෝස්ට් එක "oDesk හි මගේ අත්දැකීම්” සමග නැවත හමුවෙමු.

( මෙම ලිපියෙහි පූර්ණ අයිතිය iPlus blog කතෘ සතුවේ)


oDesk මගින් මුදල් උපයන හැටි | oDesk කුප්පිය #3

 
මුලින්ම ස්තූතිවන්ත වෙනවා පලමු පෝස්ට් එකට කමෙන්ට්ස් දමා දිරිමත් කල සැමට. මුල් පොස්ට් එකේ කියලා දුන්නා සම්පුර්නව එකවුන්ට් එකක් හදන හැටි. මේ පොස්ට් එකෙන් කියලා දෙනවා ජොබ් එකකට ඉල්ලුම් කරන ආකාරය, තවත් පොස්ට් එකකින් ලෙහෙසියෙන් පහසුවෙන් කල හැකි ජොබ් සහ ලංකාවේ අපිට පහසුවෙන් ලබාගත හැකි ජොබ් ගැන දෙන්නයි බලාපොරොත්තුව.

ජොබ් එකකට ඉල්ලුම් කරන ආකාරය

අවශ්‍ය දේවල්:
තරමක් දුරට හොද ඉංග්‍රීසි දැනුමක් පමනයි

පියවර 1
http://www.odesk.com/jobs/?g=&clear_button=1 වෙත පිවිසෙන්න. ඔබේ දක්ශතා අනුව keyword එකක් ඇතුලත් කර Search කරන්න.
උදාහරන:
Word, Excel, Access, PowerPoint, HTML, Flash, Programming, Graphic Design

පියවර 2
මම Graphic Design කියලා Search කරනවා, මට ආපු රිසල්ට් එකේ එක බලන්න. 


oDesk හි ‍රැකියා ලබාදෙන ක්‍රම දෙකක් තියෙනවා.

    වැඩ කරන පැය ගණනට ගෙවීම. (ලානිල් පැහැයෙන් සලකුනු කර ඇත)
    සම්පූර්ණ කොන්ත්‍රාත්තුව සදහාම මුදලක් ගෙවීම. (රතු පැහැයෙන් සලකුනු කර ඇත)

කොහොමහරි කමක් නෑ අපේ අතට සල්ලි ලැබෙනවානම්.
මෙහෙම දෙයක් තියෙනවා. oDesk මගින් කරන්නේ කොන්ත්‍රාත්කරුවා සහ සේවකයා සම්බන්ද කිරීමක් පමනයි. මුදල් ගෙවීම් පිලිබද අපට කොන්ත්‍රාත්කරුවාව විස්වාස කරන්න වෙනවා. කොහොමත් කවුරුත් හොර බොරු කරන්නේ නෑ. ගානක් පොරොන්දු වුනොත් ඒක අනිවාර්යෙන් ගෙවනවා.

ඊට පස්සේ එන Search  රිසල්ට් එක හොදට කියවලා , ඔබට අනිවාර්යෙන් නිම කිරීමට හැකි, කොන්ත්‍රාත්කරුවා කිරීමට කියලා තියෙන දේ හොදට තේරෙන ජොබ්  එක ‍තෝරලා ඒක අයිනේ ඇති Apply බොත්තම ඔබන්න.

පියවර3 
 ඔබ තොරා ගත්තේ වැඩ කරන පැය ගණනට ගෙවීම ගෙවීම් කරන ‍රැකියාවක්නම් මෙහෙම පේජයක් ලැබේවි. එය රූපයේ පෙනෙන පරිදි පුරවන්න.
 

    මිලගනන් දාන්නේ මෙහෙමයි:

*Word, Excel, Access, PowerPoint, Data Entry සදහා $3.6 හෝ $4.5
*Programming, Graphic Design, Flash  සදහා $10.8 හෝ $13.5


    ඔබ තොරා ගත්තේ සම්පූර්ණ කොන්ත්‍රාත්තුව සදහාම මුදල ගෙවීම් කරන ‍රැකියාවක්නම් , එයද මෙලෙසපුරවන්න

    මිලගනන් දාන්නේ මෙහෙමයි:

    search රිසල්ට් එකෙහි (රතු පැහැයෙන් සලකුනු කර ඇත) ඔහු අපට ගෙවන මුදල සදහන්ය. ඔබ මේ සදහන් මුදලෙන් 75% ක මුදලක් ඉල්ලුම් කරන්න. මේ ජොබ් එකේනම් සදහන් මුදලෙන් 75%ක් කියනුයේ $7.5කි.

    Cover Letter: යන්න ඔබ අනිවාර්යෙන් පිරවිය යුතුයි. මෙන්න මෙතනින් තමා කොන්ත්‍රාත් ලබාදෙන්නාගේ හිත දිනාගන්න ඕනේ. ඔබේ ඉංග්‍රීසි දැනුම ඕනේ වෙන්නේ මෙන්න මෙතනදී තමා

උදාහරන 1

Sir/madam,
Over the last 12 years in my experience, I have developed many different types of 3D animations and digital compositions for commercial spots, institutional purposes, campaings, etc. My work is to become real the people ideas, for that reason, every single project is for me a challenge. I also have some experience in Video Edition, Graphics designs, Image arts and Phomontage. My reel at: http://www.youtube.com/watch?v=QHoeSIPGNIo
Thank You!

උදාහරන 2

Sir/madam,
I take pride in my work and I am not satisfied until my customers are satisfied. I believe communication is the key to a successful working relationship. I am an experienced front end developer with html, xhtml, css, javascript, ajax, photoshop, jquery. I have been a full time corporate employee, a contractor, and a self employed web designer. I am currently learning kohana php framework!
Thank You!

ඔබ මේවා භාවිතාකරන්න එපා. මම මේක ලබාගත්තේ සුද්දෙකුගේ එකවුන්ට් එකකින්, ඔබට නොහැකිනම් ඉංග්‍රීසි හොදට දන්නා කෙනෙකුගෙන් අසා දැනගෙන හෝ සිත් ඇදගන්නා සුලු ලිපියක් එකතුකරන්න.

    ඔබ Word, Excel, Access, PowerPoint සදහා අයදුම් කරන්නේ නම්  Attachment: යන තැනට අනිවාර්යෙන් ඔබේ දක්ශතාව මනාව පිලිබිබු වන පරිදි සාම්පල් එකක් අමුණන්න.
හැමදේම සිත් ඇදගන්නා සුලු විදියට කරන්න. ඊට පස්සේ Apply to this Job යන්න ඔබන්න. දැන් වැඩේ සම්පුර්ණයි. මේ විදියට ඔබට ජොබ් 10ක් දක්වා ඉල්ලුම් කරන්න පුලුවන්. මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවානම් කොමෙන්ට් එකක් දාන්න.

මගේ අත්දැකීම් සහ ඔබට ජොබ් එකක් හම්බුනොත් වැඩකරන්න පටන්ගන්න හැටි ගැන හා තවත් ගොඩක් විස්තර තවත් පොස්ට් එකකින් බලාපොරොත්තුවන්න. 


( මෙම ලිපියෙහි පූර්ණ අයිතිය iPlus blog කතෘ සතුවේ)


oDesk මගින් මුදල් උපයන හැටි | oDesk කුප්පිය #2

 
PTC ක්ලික් කරනවා, ක්ලික් කරනවා, ඈනුම් ගිහිල්ලා හක්ක පනිනවා, ඒත් දියුනුවක් නෑ. මෙන්න මේ අයට හොදම බෙහෙත මේ පෝස්ට් එකෙන් හම්බවෙයි. කියලා දෙනවා දන්න ඔක්කොම, ඒ නිසා මේ පොස්ට් එක හොදට, උවමනවෙන් කියවන්න. මෙය කොටස් දෙකකින් පල කරන්නයි සූදානම. අද සර්ව සම්පූර්නව එකවුන්ට් එකක් හදන හැටි කියලා දෙන්නම්. ජොබ් වලට ඉල්ලුම් කරන හැටි තව පොස්ට් එකකින් කියලා දෙන්නම්.

අවශ්‍ය දේවල්:

oDesk ගිනුමක්
PayPal ගිනුමක්
තරමක් දුරට හොද ඉංග්‍රීසි දැනුමක්
සතියකට පැය 15ක් වැයකිරීමේ හැකියාව
උනන්දුව, උත්සාහය හා කපටිකම

පියවර 1

oDesk ගිනුමක් http://www.odesk.com වෙත පිවිස සැදීම
එහිදී Sign up as:Freelance Contractor යන්න තොරන්න
ඉන්පසු ඔබගේ සත්‍ය නම්, ගම් හා අනෙකුත් විස්තර ඇතුලත් කරන්න

පියවර 2
https://www.odesk.com/account.php වෙත පිවිසෙන්න; සියලු තොරතුරු නිවරදිව ඇතුලත්වී ඇත්දැයි සැකහැර දැනගන්න.
http://www.odesk.com/d/profile.php වෙත පිවිසෙන්න; My Account Summary යන්න පහත ලෙස පුරවන්න

Title: #1 Professional worker (ඔබට මීට වඩා හොද, අර්ථවත් හැදින්වීමක් ඇතුලත්කල හැකියි)

Portrait: Upload portrait (ඔබේ සත්‍ය, වැදගත් පෙනුමින් ඇති ජායාරූපයක් ඇතුලු කරන්න)
Personal Email: 123blabla@gmail.com (ඔබේ ඊමේල් ලිපිනය ඇතුලු කරන්න)
Hourly Pay Rate: $4.50
Hourly Bill Rate: $5.00
oDesk Ready : Yes** (මෙහිදී ඔබ මේ විභාගය අනිවාර්යයෙන් සමත් විය යුතුය)
Profile completeness: (මෙය 40%ට පමන වැඩි වන තුරු ඔබේ තොරතුරු ඇතුලු කරන්න)
Job Application Quota: (සාමාන්‍යයෙන් 10ක් ඇත)

** oDesk Ready මෙහිදී ඔබ මේ විභාගය අනිවාර්යයෙන් සමත් විය යුතුය. නැතහොත් ඔබට කිසිදු ‍රැකියාවක් කිරීමට නොහැකි වනු ඇත. ඔබේ එකෙහි NO යන්න ඇත. ඔබ කල යුත්තේ එහි ඇති ලින්ක් එක භාවිතා කර විභාගය ලබාගැනීමයි. ඔබේ පහසුව පිනිස පිලිතුරු මා විසින් ලබාදෙන්නෙමි. මේ ලින්ක් එකෙන් ලැබෙන පේජයත්, ඔඩෙස්ක් පෙපර් එකත් සසදමින් විභාගය පාස් වීම ඔබගේ ප්‍රධානම ක්‍රියාවයි.


http://www.odesk.com/d/profile.php වෙත පිවිසෙන්න; My Public Profile යන්න පහත ලෙස පුරවන්න

Profile Access: Public
Display Name: Full Name
Primary Role: Data Entry Professional
Title: #1 Professional worker (ඔබට මීට වඩා හොද, අර්ථවත් හැදින්වීමක් ඇතුලත්කල හැකියි)
Weekly Availability: 15 of 15 hrs
oDesk Ready : Yes
Years of Experience: 3
English: 4 stars (5ක් නොදා 4ක් දමනුයේ ඔබෙ පසු කාලීන යහපත සදහායි. එහෙත් ඔබ ඉංග්‍රීසි විශයට අති දක්ශනම් පමනක් 5 යොදන්න)
Objective: {blank}

ඔබ කැමතිනම් http://www.odesk.com/d/profile.php හි ඇති අනෙකුත් තොරතුරුද පුරවන්න.(එහෙත් මෙය අවශ්‍යම නොවේ)
https://www.odesk.com/payments.php වෙත පිවිස ඔබේ PayPal ගිනුම ඇතුලත් කරන්න;
Payoneer Debit Card යන්නෙහි රෙජිස්ටර් වීම මගින් නොමිලේ oDesk හරහා Payoneer Debit කාඩ් එකක් ගෙදරටම ගෙන්වාගත හැකියි. එහෙත් එය අවශ්‍යම නොවේ. PayPal ගිනුම හොදටම ප්‍රමානවත්ය.

දැන් ඔබ සතියකට දහස් ගනනින් උපයන්න සූදානම් වන්න.


( මෙම ලිපියෙහි පූර්ණ අයිතිය iPlus blog කතෘ සතුවේ)


oDesk පේපර් එක පැන්නුවෝ... | oDesk කුප්පිය # 1

oDesk එකේ Online ජොබ් එකක් කරන්න Odesk Ready Test නම්වූ විභාගය සමත්වීම අනිවාර්ය වෙනවා. ඒක සමත් වෙන්නනම් ඒගොල්ලන්ගේ Agreements කියවලා හොද අවබෝදයක් තියෙන්න ඕනේ. මේක මහ කම්මැලි වැඩක්. සුද්දන්ගේ දෙමල අපිට තේරෙනවයැ. ඔන්න එහෙමම් ඒ පේපර් එක එක ටැබ් එකකින් ඕපන් කරගෙන මේ පේජ් එක තව ටැබ් එකකින් ඕපන් කරගෙන හොර නොකර කොපි කරන්ඩෝ.
    

( මෙම ලිපියෙහි පූර්ණ අයිතිය iPlus blog කතෘ සතුවේ)


Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King